මේ වන විට අබලන් තත්වයේ ඇති ටොරින්ටන් හොකී ක්‍රීඩාංගණය ඉකමින් නවීකරණය කරන බවට ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා සදහන් කොට ඇත. ක්‍රීඩා රාජ්‍යය අමාත්‍යවරයා ටොරින්ටන් හොකී හා පැසිපන්දු ක්‍රීඩාංගණ නිරීක්ෂණය වෙනුවෙන් පැමිණි අවස්ථාවේ මේ බව සදහන් කොට සිටියා. මෙම ක්‍රීඩාංගණ වසර කිහිපයකින් නවීකරණය කර නොතිබීම හේතුවෙන් ඒවා දැඩි අබලන් තත්වයේ පවතින අතර ක්‍රීඩා කිරීමට […]
හිටපු කොදෙව් නායකයාට එංගලන්තයෙන් පුහුණුකරු තනතුරක්
හිටපු බටහිර ඉන්දීය කොදෙව් නායක කිරන් පොලාඩ් එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ දී එංගලන්තය කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතය. වත්මන් ලෝක ශූර එංගලන්ත කණ්ඩායම කැරිබියානු තත්වයන් පිළිබඳ දේශීය දැනුම අපේක්ෂාවෙන් පොලාඩ් එංගලන්ත පුහුණු කාර්ය මණ්ඩලයට එක් කොට ගෙන ඇත. ලබන ජුනි මාසයේදී කැරිබියන් දූපත් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන පිරිමි විස්සයි20 ලෝක කුසලාන […]
ඉන්දීය කාන්තා කණ්ඩායමට ඓතිහාසික ටෙස්ට් ජයක්
ස්නේහ් රානා සහ රාජේෂ්වරි ගයක්වාඩ් ඕස්ට්‍රේලියාවට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඉන්දියාව ඓතිහාසික ජයග්‍රහණයක් උරුම කර දෙන්නට සමත් විය. එය ඔස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දීය කාන්තා කණ්ඩායම ලැබූ පළමු ටෙස්ට් ජයග්‍රහණය විය. ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයට අදාළව පැවති එකම ටෙස්ට් ක්‍රිකට් වූ මෙම තරගයේ කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුව පන්දුවට […]
මලින්ද වර්ණපුරට ක්‍රිකට් අධ්‍යක්ෂක තනතුරක්
නවසීලන්තයේ ජොන්සන්විල් ක්‍රිකට් සමාජය පූර්ණකාලීන පුහුණු හා සංවර්ධන අධ්යක්ෂවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරු මලින්ද වර්ණපුර බඳවාගෙන ඇත. ඒ අනුව මෙම තනතුර වෙනුවෙන් බදවාගත් පළමු පුද්ගලයා වනුයේ මලින්ද වර්ණපුරයි වර්ණපුර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 14ක්ද සහ එක්දින තරග තුනකට ක්‍රීඩා කොට ඇත. එමෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙසින් ද කටයුතු […]
මම සෑම විටම ටෙස්ට් ක්‍රිකට් සහ ජාත්‍යන්තර ක්‍රිකට් වලට ප්‍රමුඛත්වය දෙනවා – මිචෙල් ස්ටාක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ වැඩිම ලංසුවක් හිමි වූ ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොත් අතරට එක්වන්නට ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් සමත් විය. ඒ පසුගියදා පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී කෝටි 24.75ක මුදලකට අලෙවි වීමත් සමගයි.කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම විසින් ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක්ට වාර්තා ගත ලංසුවක් තබමින් සිය කණ්ඩායමට එක් කොට […]
හර්දික්ට ඇෆ්ගනිස්තාන තරගාවලිය හා IPL තරගාවලිය අහිමි වන ලකුණු
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය වෙනුවෙන් මුම්බායි ඉන්දියන්ස් වෙත නැවත පැමිණීමෙන් පසුගිය දිනවල පුවත් සිරස්තල මැවූ හර්දික් පාණ්ඩ්‍යා තරඟාවලියට සහභාගී වීම සැක සහිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත. ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පැවති තරඟයේදී පාණ්ඩ්‍යාට වළලුකර ආබාධයක් ඇති වූ අතර, NDTV ඇතුළු බොහෝ සුප්‍රසිද්ධ මාධ්‍ය වාර්තා කර ඇත්තේ 2024 T20 ලෝක කුසලානය වෙනුවෙන් යෝග්‍යතාවයෙන් […]
19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියක් එළඹෙන වසරේදී
එංගලන්ත, ශ්‍රී ලංකා හා ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම් අතර තුන් කොන් තරගාවලියක් එළඹෙන වසරේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම තරගාවලිය එළඹෙන වසරේ මාර්තු – අප්‍රේල් කාල වකවානුවේ දී පැවැත්වෙනු ඇත. එමෙන්ම එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළව එක්දින තරග හා විස්සයි විස්ස තරග වලට ක්‍රීඩා […]
NSL සිව්දින තරගාවලිය ජනවාරි මාසයේදී ඇරඹෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන National Super League ක්‍රිකට් තරගාවලිය ජනවාරි 18 වැනිදා සිට ආරම්භ වීමට නියමිතය. තරගාවලිය සඳහා පළාත් කණ්ඩායම් පහක් සහභාගි වීමට නියමිතය. පළමු සතියට අදාළ තරග ජනවාරි 18 සිට 21 දක්වා පැවැත්වෙන අතර අවසන් මහා තරගය අප්‍රේල් 30 සිට මැයි 3 දක්වා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. සූරියවැව මහින්ද රාජපක්ෂ […]
From the Imaging Industry to the Cricketing arena
CameraLK, known not just locally but internationally as South Asia’s Largest Camera retail store is all set to embark on a brand new journey this time in Sri Lanka’s most popular sport Cricket. CameraLK who are largely popular for sponsoring various Sri Lankan cricketers like Kusal Mendis, Pathum Nissanka, Avishka Fernando etc will step into […]
කවුරුත් රොබින්ව ගත්තේ නැති උනොත් දෝනි එයාව ගන්නවා කීවා – රොබින් මින්ස්ගේ පියා
රොබින් මින්ස් IPL තරඟාවලි ඉතිහාසය වෙනස් කරන්නට පසුගියදා සමත් වූයේ IPL තරගාවලියකට තේරී පත් වූ පළමු ගෝත්‍රික ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් වෙමිනි. රොබින් මින්ස් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට තෝරාගැනීම සම්බන්ධයෙන් රොබින් මින්ස්ගේ පියා ඉන්දීය මාධ්‍ය වෙත මෙලෙසින් අදහස් දක්වා ඇත. ” මට මහේන්ද්‍ර සිං දෝනිව දවස් කිහිපයකට කලින් රාන්චි ගුවන් තොටුපලේ දී මුණ ගැසුණා. ඔහු […]
දිවා රාත්‍රී තරග වෙනුවෙන් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය යළිත් සූදානම්.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය දිවා රාත්‍රී ක්‍රිකට් තරග පැවැත්වීමට සුදුසු මට්ටමින් නවීකරණය කොට ඇත. ඒ අනුව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය නවීන ආලෝක පද්ධතියකින් නවීකරණය කරන ලද ක්‍රීඩාංගනයක් බවට පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් Daily News වාර්තා කොට ඇත. දඹුල්ල ක්‍රීඩාංගනය ආලෝක ධාරිතාවේ ගැටළු හේතුවෙන් විදුලි ආලෝකය යටතේ […]
දිගින් දිගටම ලද පරාජයන් හමුවේ සිම්බාබ්වේ පුහුණුකරු ඉල්ලා අස්වෙයි
ඩේව් හූටන් සිම්බාබ්වේ පිරිමි ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. ඔහු පසුගිය ජුනි මාසයේදී එම තනතුර භාරගත් අතර මාස 18ක් සිම්බාබ්වේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළේය. සිම්බාබ්වේ කණ්ඩායම T20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට අපොහොසත් වීමෙන් පසුව සහ අයර්ලන්තයට එරෙහිව එක්දින හා විස්සයි විස්ස තරඟාවලි දෙකම පරාජයට පත් වූ පසුබිමක Houghton ESPNcricinfo වෙත පැවසුවේ ක්‍රීඩකයින් […]