CCC කණ්ඩායම යුධහමුදාව හමුවේ පරාජයට.

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ එක්දින තරගාවලියේ මූලික වටයේ සියලු තරග අද දිනයේදී නිමාවට පත්විය. කණ්ඩායම් 26ක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරගාවලිය කාණ්ඩ 4ක් යටතේ වර්ගීකරණය කොට තිබුණි. B හා C කාණ්ඩයට කණ්ඩායම් හය බැගින් ඇතුළත් වූ අතර A හා D කාණ්ඩයන්ට කණ්ඩායම් 7ක් ඇතුළත් විය.

මූලික වටයේ අවසාන දිනය වූ අද දිනයේදී පැවතියේ A හා D කාණ්ඩයේ තරග 6කි. එම තරගයන්හි ජයග්‍රහණයන් හිමිකරගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට යුදහමුදා ක්‍රීඩා සමාජය , මුවර්ස් ක්‍රීඩා සමාජය හා බදුරලිය ක්‍රීඩා සමාජය සමත් විය. යුධහමුදා ක්‍රීඩා සමාජය හමුවේ පරාජයට පත් වූ ප්‍රබල CCC කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් පහත දැක්වේ

බදුරලිය ක්‍රීඩා සමාජය
යුධහමුදා ක්‍රීඩා සමාජය
රාගම ක්‍රීඩා සමාජය
නාවික හමුදා ක්‍රීඩා සමාජය
එන්.සී.සී ක්‍රීඩා සමාජය
ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය
එස්.එස්.සී ක්‍රීඩා සමාජය
මුවර්ස් ක්‍රීඩා සමාජය

CCC හා Army SC අතර තරඟය

යුදහමුදා ක්‍රීඩා සමාජය : 286-8 (50.0)
හිමාෂ ලියනගේ 92(119), තිසර පෙරේරා 67(58), අසේල ගුණරත්න 32(39)
ලහිරු ගමගේ 2/35, අශාන් ප්‍රියන්ජන් 1/45

කොළඹ ක්‍රීඩා සමාජය : 178-10 (39.5)
අශාන් ප්‍රියන්ජන් 57(65), කුසල් මෙන්ඩිස් 43(51)
සීක්කුගේ ප්‍රසන්න 3/33, ,සුමින්ද ලක්ෂාන් 3/50, මහේෂ් තීක්ෂණ 2/37, දුෂාන් විමුක්ති 2/40

යුධහමුදා ක්‍රීඩා ක්‍රීඩා සමාජයට ලකුණු 108ක ජයක්.

Bloomfield CC හා Kandy Customs CC අතර තරඟය

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය : 331-5 (50.0)
නිපුන් හග්ගල්ල 81(80), හර්ෂ විතාන* 62(49), කසුන් ඒකනායක 59(70), සචින් ජයවර්ධන 57(63)
ඉමේෂ් මධුසංඛ 2/42, මෙතුෂාන් තිලිණ 2/49

කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය : 171-10 (34.3)
සම්පත් පෙරේරා 66(45), ශෙහාන් වීරසිංහ 28(51)
දිලීප ජයලත් 3/5, ගයාන් සිරිසෝම 3/40, මිෂේන් සිල්වා 1/13

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට ලකුණු 160ක ජයක්.

BRC හා Badureliya SC අතර තරඟය

බී ආර් සී ක්‍රීඩා සමාජය : 169-10 (46.0)
ලියෝ ෆ්‍රැන්සිස්කෝ 50(90), ශෂීන් ප්‍රනාන්දු 32(44)
බුද්ධික සංජීව 2/13, චාමිකර එදිරිසිංහ 2/22, ගමිදු කණිෂ්ක 2/36, අලංකාර සිල්වා 2/43

බදුරලිය ක්‍රීඩා සමාජය : 172-1 (24.2)
සදුන් වීරක්කොඩි 96(77), තිලකරත්න සම්පත්* 63(62)
අනුක් ප්‍රනාන්දු 1/25

බදුරලිය ක්‍රීඩා සමාජයට කඩුලු 9ක ජයක්.

Moors SC හා Sebastianites CC අතර තරඟය

මුවර්ස් ක්‍රීඩා සමාජය : 236-9 (50.0)
කවිදු කුලසේකර 75(87), මොහොමඩ් ශමාස් 44(51), සචිත්‍ර සේරසිංහ 36(63)
මතීෂ පෙරේරා 3/41, හසන්ත ප්‍රනාන්දු 2/31, රවීන් සායර් 2/44

සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය :209-10 (46.3)
සමීන් කදානෙආරච්චි 59(54), චමල් පෙරේරා 48(89)
දිලේෂ් ගුණරත්න 3/16, ජීවන් මෙන්ඩිස් 2/32, ධනුෂ්ක මදුශංක 2/32

මුවර්ස් ක්‍රීඩා සමාජයට ලකුණු 27ක ජයක්.

Kurunegala YCC හා Police SC අතර තරඟය

කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජය : 327-6 (50.0)
සමීර සදමාල් 83(51), කේෂාන් වන්නිආරච්චි 80(72), ධනුෂ්ක ධර්මසිරි 45(59)
සුජාන් මයුර 2/55, මංජුල ජයවර්ධන 1/37

පොලිස් ක්‍රීඩා සමාජය : 226-10 (43.2)
මදුරංග සොයිසා 46(43), සුපුන් මදුශංක 40(50)
ගිහාන් අංජන 3/40, රන්දීර රණසිංහ 2/22, නිම්සර අතරගල්ල 2/41

කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජයට ලකුණු 101ක ජයක්.

Saracens SC හා Colts CC අතර තරඟය

සැරසන්ස් ක්‍රීඩා සමාජය : 205-7 (50.0)
ප්‍රමෝද් මදුවන්ත* 82(132), හෂාන් දුමිදු 44(77)
හර්ෂ රාජපක්ෂ 2/33 ,කවිෂ්ක අන්ජුල 2/39

කෝල්ට්ස් ක්‍රිඩා සමාජය : 188-10 (45.3)
ජෙහාන් ඩැනියල් 59(52), කුසල් පෙරේරා 32(39)
උදිත් මදුෂාන් 2/30, චමින්ද බණ්ඩාර 2/36

සැරසන්ස් ක්‍රීඩා සමාජයට ලකුණු 17ක ජයක්.

සටහන – Cree-Da Sports Network [/vc_column_text][/vc_column][/vc_row]

Back To Top