[vc_row][vc_column][vc_column_text]එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කෙරුනු පාකිස්තාන මූලික සංචිතයේ වෙනස්කමක් සිදුකිරීමට සූදානම් වන බවට එරට මාධ්‍ය වාර්තා කොට ඇත. ලෝක කුසලාන තරගාවලියට නම් කෙරුණු පාකිස්තාන සංචිතය සම්බන්ධයෙන් පුහුණුකරුවන්, ක්‍රීඩකයන් අතරද යම් යම් ගැටලු පැන නැගිනි.
සංචිතය ප්‍රකාශයට පත් කොට පැය 2කට පසුව ප්‍රධාන පුහුණුකරු මිස්බා උල් හක් සිය ධූරයෙන් ඉල්ලා අස්වීම ඊට ප්‍රබල නිදසුනකි. ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කෙරුනු පාකිස්තාන සංචිතයෙන් ක්‍රීඩකයන් දෙදෙනෙකු ඉවත් කිරීමට සූදානමින් පසුවන බවට එරට මාධ්‍ය වාර්තා කොට ඇත. මේ දිනවල පැවැත්වෙන National T20 විස්සයි විස්ස තරගාවලියේදී දක්ෂතා අතරට පැමිණීමට එම ක්‍රීඩකයන් අපොහොසත් වීම එයට හේතු වී ඇත.
ඒ අනුව පාකිස්තාන මූලික සංචිතයට ඇතුළත් වූ අසාම් ඛාන් හා ශොයිබ් මසූඩ් යන ක්‍රීඩකයන් දෙදෙනා ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කිරීමට නියමිත බව Nation වෙබ් අඩවිය වාර්තා කොට ඇත. ඔවුන් දෙදෙනා වෙනුවට අත්දැකීම් බහුල ක්‍රීඩක ශොයිබ් මලික් හා මොහොමඩ් හස්නේන් පාකිස්තාන සංචිතයට කැදවීමට නියමිත බවද එම වාර්තාවේ සදහන්ය. නමුත් ඊයේ දිනයේදී පැවති තරගයකදී ශොයිබ් මසූඩ් පන්දු 47කදී වේගවත් ලකුණු 75ක් රැස්කිරීමට සමත් විය.
එමෙන්ම පාකිස්තාන හිටපු නායක මොහොමඩ් හෆීස්ට ඩෙංගු රෝගය වැලදී ඇති බවද වාර්තා වෙයි. ඒ හේතුවෙන් මේ දිනවලදී පැවැත්වෙන National T20 තරගාවලියෙන් ඉවත් කොට ඇත. එළඹෙන ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කළ පාකිස්තාන සංචිතයට මොහොමඩ් හෆීස් ඇතුළත් අතර තරගාවලිය වෙනුවෙන් ඔහුගේ සහභාගීත්වය තරමක් අවිනිශ්චිත බවද එරට මාධ්‍ය වාර්තා කොට ඇත.
Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]