චරිත සේනානායක හා විනෝදන් ජෝන්තා ක්ෂණික කමිටුවට!

[vc_row][vc_column][vc_column_text]ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර එළඹෙන දෙසැම්බර් මස 4වනදා සිට දෙසැම්බර් මස 23වනදා තෙක් පැවැත්වීමට නියමිතය. මෙවර තරගාවලිය වෙනුවෙන් වන තාක්ෂණික කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කොට ඇත.

හතරදෙනෙකුගෙන් සමන්විත තාක්ෂණික කමිටුවට හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකු වන චරිත සේනානායක හා විනෝදන් ජෝන් ඇතුළත්ය. එමෙන්ම හිටපු විනිසුරු ටිරෝන් විජේවර්ධන මෙන්ම SSC ක්‍රීඩා සමාජය නියෝජනය කළ ශේන් ප්‍රනාන්දු LPL තාක්ෂණික කමිටුවට ඇතුළත්ය.

මෙම තාක්ෂණික කමිටුව විසින් තරගාවලියට අදාල සියලු තාක්ෂණික අංශ හා තරගාවලිය සම්බන්ධ කාරණා සියල්ලම හසුරවනු ඇත. මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව සලසා දීමට නියමිත බවද ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී මහාචාර්ය අර්ජුනද සිල්වා මහතා ප්‍රකාශ කොට ඇත.

Creeda Sports Network

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top