චෙන්නායි කණ්ඩායම අවසන් හතරට

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් එක් තරගයක් ඊයේ රාත්‍රියේදී පැවැත්වූයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණෙහි පසුවන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා අවසන් ස්ථානයේ රැදීසිටින සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතරයි. තරගයේ කාසිය වාසිය හිමිකරගත් චෙන්නායි සුපර් කිංග්ස් නායක මහේන්ද්‍ර සිං දෝනි පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ඊයේ දිනයේදී චෙන්නායි සුපිර් කිංග්ස් කණ්ඩායම නැවතත් ඩ්වේන් බ්‍රාවෝ කණ්ඩායමට කැදවා තිබුණි.

සිය ඉනීම වෙනුවෙන් පිටියට පිවිසි හයිද්‍රාබාද් කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙසින් ජේසන් රෝයි ලකුණු 2කට දැවීගියේ දීපක් චහර් හමුවේය. නායක කේන් විලියම්සන් ලකුණු 11කටත් ප්‍රියාම් ගාර්ග් ලකුණු 7කටත් දවාගැනීමට ඩ්වේන් බ්‍රාවෝ සමත් විය. සන්රයිසස් ඉනීමේ වැඩිම ලකුණු ලාභියා වූ ව්රිදිමන් සහා පන්දු 46කදී ලකුණු 44ක් රැස්කොට සිටියදී රවීන්ද්‍ර ජඩේජා හමුවේ දැවීගියේය.

අභිෂේක් ෂර්මා හා අබ්දුල් සමාඩ් ලකුණු 18ක් රැස්කොට සිටියදී ක්‍රීඩාගාරයට හරවා යවන්නට ජෝෂ් හැස්ල්වුඩ් සමත් විය.සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළදී කඩුලු 7ක් දැවී රැස්කිරීමට සමත් වූයේ ලකුණු 134ක් පමණි. අගනා පන්දු යැවීමක නිරත වූ ජෝෂ් හැස්ල්වුඩ් ලකුණු 24කට කඩුලු 3ක් බිදහෙලීය.

පහසු ඉලක්කය හබායාමට පිටියට පිවිසි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබාගත්හ. ආරම්භක කඩුල්ල වෙනුවෙන් ගයික්වාඩ් හා ඩුප්ලේසී අතරේ ලකුණු 75ක සබදතාවක් ගොඩනැගුණි. චෙන්නායි ඉනීමේ පළමු කඩුල්ල ලෙසින් ගයික්වාඩ් ලකුණු 45කදී දවාගැනීමට ජේසන් හෝල්ඩර් සමත් විය. මොයීන් අලි ලකුණු 17ක් රැස්කොට සිටියදී දවාගැනීමට රශීඩ් ඛාන්ට හැකිවිය.

අද දිනයේදීද අසාර්ථක වූ සුරේෂ් රයිනා ලකුණු 2ක් රැස්කොට සිටියදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගන්නට ජේසන් හෝල්ඩර්ට හැකිවිය. නැවතත් ක්‍රියාත්මක වූ ජේසන් හෝල්ඩර් ෆැෆ් ඩුප්ලේසිස් දවගන්නේ ලකුණු 41ක් රැස්කොට සිටියදීය. දෝනිගේ පිත්තෙන් එල්ල වූ දැවැන්ත හයේ පහරත් සමගින් තවත් පන්දු 2ක් ඉතිරිව තිබියදීම තරගයේ ජයග්‍රහණය හිමිකරගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමගින් අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කොට ගැනීමට චෙන්නායි කණ්ඩායමට හැකිවිය.

සන්රයිසස් හයිද්‍රාබාද් : 134-7 (20.0)
ව්රිදිමන් සහා 44(46), අභිෂේක් ශර්මා 18(13)
ජෝෂ් හැස්ල්වුඩ් 3/24, ඩ්වේන් බ්‍රාවෝ 2/17

චෙන්නායි සුපර් කිංග්ස් : 139-4 (19.4)
රුටුරාජ් ගයික්වාඩ් 45(38), ෆැෆ් ඩුප්ලේසිස් 41(36)
ජේසන් හෝල්ඩර් 3/27

Creeda Sports Network

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top