[vc_row][vc_column][vc_column_text]එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා නම් කෙරුනු ශ්රී ලංකා සංචිතයේ වෙනස්කම් 4ක් සිදුකිරීමට සූදානම් වන බවට Sunday Time පුවත්පත වාර්තා කොට ඇත. ලෝක කුසලාන සංචිතයේ වෙනස්කම් සිදුකළ හැකි අවසාන දිනය වනුයේ අද දිනයයි
ඒ අනුව ලෝක කුසලාන සංචිතයේ ආබාධයකට ලක්වූ ලහිරු මධුසංඛ වෙනුවට පැතුම් නිශ්ශංක සංචිතයට ආදේශ කොට ඇත. ආබාධයකට ලක්වූ වේගපන්දු යවන ක්රීඩක නුවන් ප්රදීප්ගේ ස්ථානයට බිනුර ප්රනාන්දු ආදේශ කෙරෙනු ඇත. අවසන් ක්රීඩකයන් 15 අතර නොසිටි ලහිරු කුමාරද ශ්රී ලංකා ලෝක කුසලාන සංචිතයට කැදවා ඇතැයි සදහන්ය. එසේ වුවහොත් ධනංජය සිල්වා හෝ කමිදු මෙන්ඩිස් යන ක්රීඩකයන් දෙදෙනාගෙන් එක් අයෙකුට කණ්ඩායමේ ස්ථානය අහිමිව යනු ඇත.
මින් පෙර ලෝක කුසලාන සංචිතයට නම් කෙරුණු ප්රවීන් ජයවික්රම වෙනුවට අකිල ධනංජය හෝ පුලින තරංග කණ්ඩායමට කැදවීමේ සූදානමක් පවතින බවද Sunday Times පුවත්පත වාර්තා කොට ඇත. ශ්රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය හා පැපුවා නිව්ගිනියාව සමගින් පුහුණු තරග 2කට ක්රීඩා කරන අතර සුදුසුකම් ලැබීමේ වටයේදී නැමීබියාව, නෙදර්ලන්තය හා අයර්ලන්තය සමගින් තරග වැදීමට නියමිතය.
අවසන් ලෝක කුසලාන සංචිතය
දසුන් ශානක (නායක)
පැතුම් නිශ්ශංක
දිනේෂ් චන්දිමාල්
චරිත් අසලංක
කුසල් පෙරේරා
අවිශ්ක ප්රනාන්දු
භානුක රාජපක්ෂ
කමිදු මෙන්ඩිස්
වනිදු හසරංග
චාමික කරුණාරත්න
දුෂ්මන්ත චමීර
මහේෂ් තීක්ෂණ
ලහිරු කුමාර
බිනුර ප්රනාන්දු
අකිල ධනංජය
Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]