දිමුත්, සුරංග , A කණ්ඩායමට

[vc_row][vc_column][vc_column_text]පාකිස්තාන A කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙකු කැඳවීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

කොදෙව් ටෙස්ට් තරඟාවලියට පෙර තරඟ පුහුණුව ලබාදීමක් ලෙස ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න , වේග පන්දු ‍යවන ක්‍රීඩක සුරංග ලක්මාල් හා වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය පාකිස්තාන A කණ්ඩායම සමඟ පැවැත්වෙන සිව්දින තරඟ සඳහා කැඳවනු ඇති බවයි වාර්තා වන්නේ.

දිමුත් කරුණාරත්න ට පසුගිය බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලියෙන් පසු කිසිඳු ජාත්‍යන්තර හෝ දේශීය තරඟයක් ක්‍රිඩා කිරීමට නොහැකිවු අතර බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් තරඟයේදි ආබාධයක ලක්වු ලසිත් ඇඹුල්දෙණිය ඉන් පසු කිසිදු ජාත්‍යන්තර හෝ දේශීය තරඟයකට ක්‍රීඩා කර නෑ.

සුරංග ලක්මාල් අවසන් වරට ක්‍රීඩා කළේ පසුගියදා නිමාවු SLC ආරාධිත 20-20 ලීග් තරඟාවලියයි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top