දේශීය ක්‍රිකට් පිටිය සතියකින් කල් යන ලකුණු ?

[vc_row][vc_column][vc_column_text]අන්තර් සමාජ දේශීය ක්‍රිකට් තරගාවලිය ආරම්භය සතියකින් පමණ කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත. මින් පෙර තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස 20වනදා ආරම්භ කිරීමට නියමිතව තිබුණි. නමුත් තරගාවලිය ආරම්භය ඔක්තෝබර් මස 27වන දිනට කල්‍ යන බවට තරගාවලි කමිටු සභාපති සමන්ත දොඩන්වල මහතා මේ බව තහවුරු සදහන් කොට ඇත.

කණ්ඩායම් 26ක සහභාගීත්වයෙන් පැවැත්වෙන දේශිය තරගාවලියේ සීමිත පන්දුවාර රටාවෙහි තරග එළඹෙන 27 වනදා ආරම්භ වනු ඇත. තරගාවලියේ සියලු තරග සෙනසුරාදා, ඉරිදා හා බදාදා යන දිනවලදී පැවැත්වෙන බවද ඒ මහතා සදහන් කොට ඇත. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර එළඹෙන දෙසැම්බර් මස 4වනදා ආරම්භ වන හෙයින් ඊට පෙර දේශීය තරගවාරය අවසන් කරන බවද සමන්ත දොඩන්වල මහතා සදහන් කොට ඇත.

මෙවර තරගාවලිය නව ආකෘතිය යටතේ පැවැත්වීමට සැලසුම් කොට ඇති අතර එහිදී පෙර මෙන් Tier A හා B ලෙසින් නොව කණ්ඩායම් 26, කණ්ඩායම් 13 බැගින් වූ කාණ්ඩ 2ක් යටතේ තරග වදී. මින් පෙර Tier A හි කණ්ඩායම් 14ක්ද Tier Bහි කණ්ඩායම් 12ක්ද ලෙසින් ඇතුළත් විය. තරගාවලිය සදහා එක්වන ක්‍රීඩකයන් සියලු දෙනා එන්නත් මාත්‍රා දෙකම ලබා තිබිය යුතුය.

Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top