දේශීය ක්‍රිකට් පිටිය යළි සක්‍රීය වෙයි !!!

[vc_row][vc_column][vc_column_text]පසුගිය සැප්තැම්බර් මස ආරම්භ කිරීමට නියමිතව තිබූ දේශිය ක්‍රිකට් තරගාවලීන් කල් දැමීමට සිදුවූයේ රට තුළ පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙනි. එළෙසින් කල් දැමුණු දේශීය ක්‍රිකට් තරග එළඹෙන ඔක්තෝබර් මස 20වනදා ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති බවට ක්‍රිකට් ආයතන ආරංචිමාර්ග සදහන් කරයි.

ඊයේ දිනයේදී සියලුම ක්‍රීඩා සමාජයන් වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊමේල් පණිවිඩයක් යොමු කරමින් දන්වා ඇත්තේ ඔක්තෝබර් මස 1වනදා ඇදිරි නීතිය ඉවත් කළහොත් ඔක්තෝබර් මස 20වනදා වන විට තරගාවලිය ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි.

එම ඊමේල් පණිවිඩයෙන් ක්‍රීඩා සමාජ වෙත දන්වා ඇත්තේ ඇදිරිනීතිතයඉවත් කළහොත් පසු දින පටන් මූලික පුහුණුවීම් කටයුතු ආරම්භ කරන ලෙසටයි. ඒ අනුව එළඹෙන ඔක්තෝබර් මස 20 වනදා ආරම්භ කිරීමට සැලසුම් කොට ඇත්තේ සීමිත පන්දුවාර තරගාවලීන්ය. තරගාවලිය සදහා එක්වන ක්‍රීඩකයන් සියලු දෙනා එන්නත් මාත්‍රා දෙකම ලබා තිබිය යුතු බවද සදහන්ය.

මෙම සීමිත පන්දුවාර තරගාවලිය පැවැත්වෙන ආකාරය අනුව දේශීය තුන්දින තරගාවලිය පැවැත්වෙන ආකාරය පිළිබදව සැලසුම් කිරීමට නියමිතය. මෙවර තරගාවලිය නව ආකෘතිය යටතේ පැවැත්වීමට සැලසුම් කොට ඇති අතර එහිදී පෙර මෙන් Tier A හා B ලෙසින් නොව කණ්ඩායම් 26, කණ්ඩායම් 13 බැගින් වූ කාණ්ඩ 2ක් යටතේ තරග වදී. මින් පෙර Tier A හි කණ්ඩායම් 14ක්ද Tier Bහි කණ්ඩායම් 12ක්ද ලෙසින් ඇතුළත් විය

Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top