DSI වොලිබෝල් තරගාවලියේ වැඩි ගෞරව නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුදැනුම යටතේ පවත්වන DSI Super Sports පාසල් වොලිබෝල් තරග මාලාවේ විසිඑක් වන අදියර ඊයේ දින නිමාවට පත් විය. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති පැවැති අවසන් මහා තරඟ ඊයේ සහ පෙරේදා දිනවලදී පැවැත්වෙද්දී වයස් කාණ්ඩ 5ක බාලික බාලිකා අවසන් මහා තරගය එහිදී පැවැත්විණි.එම වයස් කාණ්ඩ පහේ පැවති අවසන් මහා තරංග දහයෙන් පහක් ම ජයග්‍රහණය කළ නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල මෙවර සමස්ත ශූරතාවය දිනා ගත්හ.

19න් පහල බාලක
වයස අවුරුදු 19න් පහළ බාලක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූවේ සීදූව දවිසමර විද්‍යාලයීය කණ්ඩායම හා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමයි. මෙම තරගයෙන් තරග වට 3ට 0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සීදූව දවිසමර විද්‍යාලයීය කණ්ඩායම සමත් වුණා. එම තරගයේ ලකුණු සටහන දිස්වූයේ ලකුණු 25ට 22ක්, 25ට 20ක් හා 25ට 21ක් ලෙසිනි.

19න් පහළ බාලිකා
දහනවයෙන් පහළ වයස් කාණ්ඩයේ බාලිකා අවසන් මහා තරඟය වෙනුවෙන් සුදුසුකම් ලැබුවේ ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසල් කණ්ඩායම සහ කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විද්‍යාලයයි. මෙම තරඟයෙන් වට 3-2ක් ලෙස විශිෂ්ට ජයක් ලබා දහනවයෙන් පහළ බාලිකා ශූරතාවය දිනා ගැනීමට ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල් කණ්ඩායම සමත් විය. තරගයේ පළමු තරග වට දෙකම කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විද්‍යාලය ජයග්‍රහණය කරද්දි ඉතිරි තරග වට 3 පිළිවෙලින් ලකුණු 25 ට 13ක්, 25ට 13ක් සහ 15 ට දහයක් ලෙසින් ජයග්‍රහණය කිරීමට වික්‍රමශීලා ක්‍රීඩිකාවන් සමත් විය.

17න් පහළ බාලක
මෙම වයස් කාණ්ඩයේ බලකා අවසන් මහා තරගය වෙනුවෙන් සුදුසුකම් ලැබුවේ පන්නල ජාතික පාසල් කණ්ඩායම සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමයි. තරගය තරඟ වට තුනට එකක් ලෙසින් පහසුවෙන් ජයග්‍රහණය කිරීමට පන්නල ජාතික පාසල් කණ්ඩායම සමත් විය. තරග වට හතරෙහි ලකුණු සටහන පහත පරිදි විය. 23ට 25ක්, 27ට 25ක්, 25ට 20ක් හා 25ට 17ක්.

17න් පහළ බාලිකා
වයස අවුරුදු උදාහරණයෙන් පහළ ඉසව්වේ බාලිකා අවසන් මහා තරගය වෙනුවෙන් සුදුසුකම් ලැබුවේ හුන්ගම විජයබා ජාතික පාසල් කණ්ඩායම සහ අම්පාර උහන තිස්සපුර විද්‍යාලයයි. මෙම තරගය තරඟ වට තුනට දෙකක් ලෙසින් ජයග්‍රහණය කිරීමට හුංගම විජයබා ජාතික පාසල සමත් විය. එම තරගයේ ලකුණු සටහන 25ට 22ක්, 18ට 25ක්, 22ට 25ක්, 26ට 24ක් හා 15ට 10ක් ලෙසින් දිස්විය.

වයස අවුරුදු 15න් පහළ පිරිමි අවසන් මහා තරගයට මාරවිල ශාන්ත සේවියර් විද්‍යාල තරග බිමට අවතීර්ණ විය.මෙම තරගය තරග වලට තුනට බිඳුවක් ලෙසින් පහසු ජයක් හිමිකර ගැනීමට නාත්තන්ඩිය ධම්මිස්සර මහා විද්‍යාලය සමත්විය. 15න් පහළ බාලිකා අවසන් මහා තරගය වෙනුවෙන් තරග වැදුනේ හුන්ගම විජයබා ජාතික පාසල කණ්ඩායම් සහ අම්පාර උහන තිස්සපුර විද්‍යාලීය කණ්ඩායමයි. මෙම තරගයෙන් ද තරඟ වට තුනට බිඳුවක් ලෙසින් පහසු ජයක් හිමිකර ගැනීමට හුන්ගම විජයබා ජාතික පාසල් කණ්ඩායම සමත් විය.

13 න් පහළ වයස් කාණ්ඩය අවසන් මහා තරඟය වෙනුවෙන් සුදුසුකම් ලබා තිබුණේ මාතලේ ධම්මිස්සර මහා විද්‍යාලය සහ නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලය කණ්ඩායමයි. තරග වට තුනකින් සමන්විත වූ මෙම තරගය වට 2ට 0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ධම්මිස්සර ජාතික පාසල් කණ්ඩායම සමත් විය. 13 න් පහළ බාලිකා අවසන් මහා තරඟය වෙනුවෙන් ද නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල සමගින් තරග වැදුණි වැදුණේ ගමනි ගම්පහ මාබිම විද්‍යාකර මහා විද්‍යාලයීය කණ්ඩායමයි. මෙම තරගය ද තරග වට දෙකට බිඳුවක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ධම්මිස්සර ක්‍රීඩිකාවන් සමත් විය.

11න් පහළ වයස් කාණ්ඩයේ අවසන් මහා තරඟය වෙනුවෙන් ද සුදුසුකම් ලැබුවේ නාත්තන්ඩිය ධම්මිස්සර කණ්ඩායම සහ මාරවිල ශාන්ත සේවියර් විද්‍යාල කණ්ඩායමයි. ලොව තරංගයකමෙම තරංගයක තරංග වඩාත් දේකට බිංදුවක් ලෙස පහසු ජයක් හිමිකර ගැනීමට නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලට හැකිවිය. එකල්හි න් පහළ බාලිකා අවසන් මහා තරගය වෙනුවෙන් ධම්මිස්සර ජාතික පාසල් කණ්ඩායමට එරෙහිව තරග වැදුණේ ඇල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයීය කණ්ඩායමයි. එම තරගය ද තරග වට දෙකට බිංදුවක් ලෙස පහසු ජයක් ලබන්නට නාත්තන්ඩිය ධම්මිස්සර ක්‍රීඩිකාවන් සමත්විය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top