Galle Gladiators පිළ මෙවර LPL ශූරතාවය දිනාගනීවි – Nadeem Omar

[vc_row][vc_column][vc_column_text]ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු අදියරේදී අනුශූරතාවයෙන් සෑහෙන්නට Galle Gladiators කණ්ඩායමට සිදුවූයේ අවසන් මහා තරගයේදී Jaffna Stallions කණ්ඩායම හමුවේ පරාජයට පත් වීම හේතුවෙනි. නමුත් කණ්ඩායමේ හිමිකරු නදීම් ඕමාර් සදහන් කොට ඇත්තේ දෙවන අදියර වෙනුවෙන් වඩාත් ශක්තිමත්ව පැමිණීමට සූදානම් වන ගැලැඩියේටර්ස් වරුන් මෙවර ශූරතාවය හිමිකරගනු ඇතැයි තමාට හැගෙන බවයි.

මෙම වසරේ පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් දෙවන අදියර වෙනුවෙන් Galle Gladiators කණ්ඩායමේ සම හිමිකරුවන් බවට අසීස් අබ්දුල් රහීම් හා මජීඩ් බශීර් පත්ව ඇත. LPL පළමු අදියරේදී ගාල්ල කණ්ඩායමේ නායකත්වය ශහීඩ් අෆ්‍රිඩි විසින් දරණු ලැබූවද තරගාවලිය අතරතුර ඔහු පාකිස්තානයට යාම හේතුවෙන් භානුක රාජපක්ෂට නායකත්වය හිමිවිය.

පාකිස්තාන හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම් Galle Gladiators කණ්ඩායමේ උපදේශක වශයෙන් කටයුතු කළේය. පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ Quetta Gladiators කණ්ඩායමේද හිමිකරුවන නදීම් ඕමාර් මෙවර තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.

” මෙවර තරගාවලිය අපිට තීරණාත්මකයි,  විශේෂයෙන් අපි පසුගිය තරගවාරයේදී තරග කළ ආකාරය බලද්දි. අසාම් ඛාන්, ධනංජය ලක්ෂාන් හා සහන් ආරච්චිගේ වැනි යොවුන් ක්‍රීඩකයන්ගේ දක්ෂතා අපි දුටුවා. මීළග අදියරේදි අපිට අවශ්‍ය හොද සටනක් ලබා දීල ශූරතාවය හිමිකරගන්නයි. අපිට ගාල්ල අවට ප්‍රේක්ෂකයන්ගෙන් හොද සහයෝගයක් ලැබුණා. ඔවුනට ක්‍රීඩාංගණ තුළට යාමට නොහැකි වුවත් අන්තර් ජාලය ඔස්සේ ඔවුන්ගේ සහයෝගය ලැබුණා. මෙවරද එම,සහයෝගය ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.”[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top