2009 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා තිලකරත්න ඩිල්ශාන්

[vc_row][vc_column][vc_column_text]

2009 විස්සයි විස්ස තරඟාවලිය ක්‍රීඩකයෙක් ලෙසින් තිලකරත්න ඩිල්ශාන් ගේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත් වූ තරඟාවලිය කිවහොත් එය නිවැරදි වනවා. ඔහු විසින් ආරම්භක පිතිකරු භූමිකාවට නව ජවයක් ලබා දෙමින් වේගවත් ඉනිම කිහිපයක්ම දියත් කිරීමටද සමත් වුනා. 2009 වර්ෂයේ විස්සයි විස්ස ලෝක කුසලානය පැවැත්වුනේ එංගලන්තයේදීයි. ක්‍රිකට් උපන් බිමේදී සාර්ථක වෙමින් සුපිරි ඉනිම් ගණනාවක්ම දියත් කිරීමට ඩිල්ශාන් හට හැකියාව ලැබුණා.

ඩිල්ශාන් ගේ මෙම විශිෂ්ට ක්‍රීඩා රටාව නිසාවෙන්ම 2009 විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරඟයට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණත් එම තරඟයේදී පාකිස්තානය හමුවේ පරාජයට පත් වීම නිසාවෙන් ශ්‍රී ලංකාවට අනුශූරතාවයෙන් සෑහීමකට පත් වන්නට සිදු වූවා. කෙසේ වුවත් තරඟාවලියේ දැක්වූ විශිෂ්ට දක්ෂතා නිසාම තිලකරත්න ඩිල්ශාන් තරඟාවලියේ වීරයා යන සම්මානයෙන්ද පිදුම් ලැබුවා. මෙලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ICC තරඟාවලියක වීරයා සම්මානය දිනා ගත්තේ 1996 වර්ෂයේ ලෝක කුසලානයේදී සනත් ජයසුරිය තරඟාවලියේ වීරයා වීමෙන් පසුව වීමද විශේෂත්වයක්.

තරඟාවලිය පුරාවටම තිලකරත්න ඩිල්ශාන් ක්‍රීඩා කළ ආකාරය

1 තරඟය ඕස්ට්‍රේලියාවට එරෙහිව – 53(32)
2 තරඟය කොදෙව්වන්ට එරෙහිව – 74(47)
3 තරඟය පාකිස්තානයට එරෙහිව – 46(39)
4 තරඟය අයර්ලන්තයට එරෙහිව – 0(2)
5 තරඟය නවසීලන්තයට එරෙහිව – 48(37)
6 තරඟය කොදෙව්වන්ට එරෙහිව – 96(57)*
7 තරඟය පාකිස්තානයට එරෙහිව – 0(5)

ඩිල්ශාන් අයර්ලන්තයට එරෙහි තරඟයේ සහ අවසන් මහා තරඟයේ හැරෙන්නට අනෙක් සියලුම තරඟ වලදී සාර්ථක වීමට සමත් වුණා. ඒ වගේම පාකිස්තානය සමග දෙවන වටයේ තරඟයේ සහ කොදෙව්වන් සමග පැවති අවසන් පූර්ව වටයේ තරඟයේදීත් තරඟයේ වීරයා ලෙසින්ද තිලකරත්න ඩිල්ශාන් ව නම් වූවා. ඔහු 2009 ලෝක කුසලානයේදී පිත්තෙන් දැක්වූ දක්ෂතා සාරංශය පහත පරිදි සටහන් කළ හැකියි,

තරඟ – 7
ඉනිම – 7
ලකුණු – 316
ඉනිමක සාමාන්‍ය – 52.66
අර්ධ ශතක – 3
තරඟයේ වීරයා සම්මාන – 2

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top