ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලාංකිකයෙකු වන සුමති ධර්මවර්ධන මහතා පත්කොට තිබෙනවා. වසර 14කට පසු එම භූමිකාවෙන් විශ්‍රාම ගත් ශ්‍රීමත් රොනී ෆ්ලැනගන් වෙනුවට ධර්මවර්ධන මහතා පත් කොට තිබෙනවා.
ධර්මවර්ධන මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු ලෙස සේවය කොට තිබෙනවා. තවද ඒ මහතා ජාත්‍යන්තර පොලිසිය සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සමඟ එක්ව ක්‍රීඩාවේ දූෂණ විමර්ශනය කිරීම මෙන්ම ක්‍රීඩා පනතට අදාළ වැරදි වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සහ නඩු පැවරීම් කිහිපයක් අධීක්ෂණය කොට තිබෙනවා.
ධර්මවර්ධන මහතා නොවැම්බර් මස 1 වනදා සිට එම ධූරයේ වැඩ ආරම්භ කිරීමට නියමිත වී තිබෙනවා.