ICC සම්මානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ නම නිර්දේශ වෙයි

2024 වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි ICC සම්මානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ නම නිර්දේශ වී තිබෙනවා.
මෙම සම්මානය සදහා ක‍‍‍මිදු මෙන්ඩිස් ඇතුලු තවත් ක්‍රීඩකයින් 3 දෙනෙකුගේ නම් නිර්දේශ වුණා.

කමිදු මෙන්ඩිස් 2024 වසරේදී වැඩි දක්ෂතා දැක්වීමට සමත් වුණේ ටෙස්ට් තරගවලින්.ඔහු මෙම කාලසීමාව තුළ ටෙස්ට් තරග 9ක් ක්‍රීඩා කරමින් ලකුණු 1049ක් ලබා ගැනීමට සමත් වී ඇත්තේ පිතිකරණ සාමාන්‍ය 74.92ක් ලෙස රදවා ගනිමින්.ශතක පහක් මෙන්ම අර්ධ ශතක තුනක් ද ඔහුගේ වාර්තා වලට ඇතුලත්.

කමිඳු සමඟ වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය සඳහා එංගලන්තයේ ගස් ඇට්කින්සන්, පාකිස්තානයේ සයිම් අයුබ් සහ බටහිර ඉන්දීය කොදෙව් දේශයේ ශෙමර් ජෝෂප් යන ක්‍රීඩකයින් ද නිර්දේශ වී තිබෙනවා.

මේ අතර වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ නම් නිර්දේශ වී තිබෙනවා.ඒ වනිදු හසරංග සහ කුසල් මෙන්ඩිස්.
ඇෆ්ගනිස්තානයේ අස්මතුල්ලා ඔමර්සායි සහ බටහිර ඉන්දීය කොදෙව් හි ශෙෆර්න් රදර්ෆර්ඩ් ඊට

Back To Top