මම පිතිකරණ අංශයේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් – වනිඳු හසරංග

[vc_row][vc_column][vc_column_text]

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ මූලික වටයට පිවිසිම සඳහා පැවති තරඟය අවසන් වූයේ ශ්‍රී ලංකාවට ලකුණු 70 ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර දෙමින්. එම ජයග්‍රහණයත් සමගින් ලෝක කුසලානයේ මූලික වටයේ තමන්ගේ ස්ථානය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

ලකුණු 8 කට කඩුලු 3ක් බිඳ වැටී තිබූ මොහොතේදී පැමිණ විශිෂ්ට ලකුණු 71 ක ඉනිමක් සහ පන්දු යැවීමේදී ලකුණු 12 කට එක් කඩුල්ලක් දවාගත් වනිඳු හසරංග තරඟයේ වීරයා ලෙසින් නම් වූවා. තරඟය අවසානයේදී තරඟයේ වීරයා වූ වනිඳු හසරංග, ශ්‍රී ලංකා නායක දසුන් ශානක සහ අයර්ලන්ත නායක ඇන්ඩි බිල්බ්‍රෙයින් මෙලෙස තම අදහස් ප්‍රකාශ කොට සිටියා,

තරඟයේ වීරයා වූ ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග,

“මම පිතිකරණයට එද්දි මට අවශ්‍ය වුණේ මගෙන් යම්කිසි දෙයක් ලබාදෙන්නයි. ඊට පස්සෙ මට අවබෝධයක් ලැබුණා කොහොමද මේ වෙලාවේ ක්‍රීඩා කරන්නේ කියලා. මම ඒක හොඳට කලමණාකරණය කරගත්තා. මම ගොඩක්ම හිතන්න කැමති, මම පිතිකරණ අංශයේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් කියලයි.” මෙහිදී වනිදු හසරංග විසින් තරඟයේ ශ්‍රී ලංකාවට සහාය දැක්වූ ශ්‍රී ලංකා නරඹන්නන් හටද තම ස්තූතිය පුද කර සිටියා.

ශ්‍රී ලංකා නායක දසුන් ශානක,

තරඟය ආරම්භයේදී අප පොඩ්ඩක් තිගැස්මකට ලක් වුණා. ඉදිරි පෙළ කඩුලු ඉක්මනින් දැවී යාම එයට ප්‍රධාන හේතුවයි. අපිට ලෝක කුසලානයට කලින්ම සැලැස්මක් තිබුණා හසරංගව පිතිකරණ ලැයිස්තුවේ ඉහළ ක්‍රීඩා කරවන්න. එය අද ඉතාමත්ම වාසිදායක සිදුවීමක් බවට පත්වුණා. හොඳ වේගයකින් පන්දු යවන වේග පන්දු යවන්නන් සිටීමත් ලොකු වාසියක්. අනික ඔවුන් හොඳින් සාර්ථකව පන්දු යවනවා. මෙම ජයග්‍රහණයේ කොටසක් අනිවාර්යයෙන්ම පුහුණුකරුවන්ටත් හිමි වනවා. අපි තවදුරටත් ඉදිරි පෙළ පිතිකරුවන් සහ පන්දු රැකීම කියන අංශ දියුණු කරගත යුතු වනවා.”

අයර්ලන්ත නායක ඇන්ඩි බිල්බ්‍රෙයින්,

“අපි තරඟයට හොඳින් අවතීර්ණ වුණා. නමුත් ශ්‍රී ලංකාව තරඟයේ ඉන් පසුව සහ පන්දු යැවීමේදී ඉතාම හොඳින් ක්‍රීඩා කළා. ජොශ් අද හොඳින් කණ්ඩාම වෙනුවෙ පන්දු යැව්වා. ශ්‍රී ලංකාව තරඟයේ මැද භාගයේදී හොඳින් ක්‍රීඩා කළා. අපි සිකුරාදා පැවැත්වෙන තරඟයට දැන් ප්‍රධාන ලෙසින් අවධානය යොමු කරනවා.”

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top