IPL ඉතිහාසය වෙනස් කරමින් ස්ටාක්ට දැවැන්ත ලංසුවක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ වැඩිම ලංසුවක් හිමි වූ ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොත් අතරට එක්වන්නට ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් සමත් විය. ඒ අද දිනයේදී පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී කෝටි 24.75ක මුදලකට අලෙවි වීමත් සමගයි.

කොල්කටා නයිට්‍රයිඩර්ස් කණ්ඩායම විසින් ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක්ට වාර්තා ගත ලංසුවක් තබමින් සිය කණ්ඩායමට එක් කොට ගැනීමට සමත් විය. ඒ අනුව අද දිනයේදී දෙවන වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ වැඩිම ලංසුවේ වාර්තාව වෙනස් විය.

අද දිනයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් පැට් කමින්ස්ට කෝටි 20.5ක ලංසුවක් තබද්දී IPL ඉතිහාසයේ කෝටි 20 ඉක්මවූ ලංසුවක් ලද පළමු ක්‍රීඩකයා බවට පත් වන්නටද ඔහු සමත් විය. මින් පෙර ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වැඩිම ලංසුවක් හිමිවූ ක්‍රීඩකයා වූයේ සෑම් කරන්ය. ඔහුට පසුගිය වසරේ දී ඉන්දීය කෝටි 18.5ක වටිනාකමක් හිමි විය.

IPL ඉතිහාසයේ වැඩිම ලංසුවක් ලද ක්‍රීඩකයන්
මිචෙල් ස්ටාක් – කෝටි 24.75
පැට් කමින්ස් – කෝටි 20.5
සෑම් කරන් – කෝටි 18.5
කැමරන් ග්‍රීන් – කෝටි 17.5
බෙන් ස්ටෝක්ස් – කෝටි 16.25
ක්‍රිස් මොරිස් – කෝටි 16.25

Back To Top