කුසල් පෙරේරා ලෝක කුසලානයට හොද සුදානමක

[vc_row][vc_column][vc_column_text]හත්වන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස 17වනදා ආරම්භ වීමට නියමිතය. මෙවර තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවී ඇත. මෙවර තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී දිවයිනෙන් පිටත් වීමට නියමිතය. ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් තරගාවලියට පෙරාතුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වීය.

” මේ දිනවල මම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය උනන්දුවෙන් නරඹමින් ඉන්නේ ලෝක කුසලාන තරගාවලියත් එම තණතීරුවල තියෙන නිසයි. එම තත්වයන් දෙස බැලීමේදී අපි වේගපන්දු යවන්නන් දෙදෙනෙකු, දගපන්දු යවන්නන් දෙදෙනෙකු, තුන් ඉරියව් ක්‍රීඩකයෙක් හා දගපන්දු යවන මුල් පෙළ පිතිකරුවකු කරා යොමුවේවි. නමුත් තණතීරු වියළි වුණොත් දගපන්දු යවන්නන් තිදෙනෙකු එක්ක යාමට ඉඩතියෙනවා”.

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට පෙර තවත් විස්සයි විස්ස තරග 4කට ක්‍රීඩා කිරීමට නියමිතය. ඔක්තෝබර් මස 7 හා 9 දිනවලදී ඕමානය සමගින් තරගාවලියකට ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරයි. අනතුරුව බංග්ලාදේශය හා හා පැපුවා නිව්ගිනියාව සමගින් ඔක්තෝබර් මස 12 හා 14 දිනවල පුහුණු තරගවලටද ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිතය.

” පුහුණුවීම් අතරතුරදී අපේ ක්‍රීඩකයන්ට කුමක් කළයුතු දැයි අපට පැහැදිලි වුණා. අනතුරුව අපි එය සමාලෝචනය කරලා දැල් තුළ පුහුණුවීම් කළා. ඒ දේවල් දැන් වඩාත් හොදින් දියුණු වෙලා තියෙනවා. නමුත් අපි තවමත් පුහුණුවීම් කරමින් ඉන්නවා. මොකද අපිට මැජික් යෂ්ටියක් නෑ”.

” අපි පිතිකරණ අංශය සම්බන්ධයෙන් පසුගිය දින 9 ගොඩක් මහන්සි වෙලා වැඩ කරා. අපි පුහුණු තරග 3ක් ක්‍රීඩා කළා. ඒ වගේම ස්වීප් පහර පුහුණු වීමට වෙනම පුහුණුසැසි පැවැත්වූවා. අපේ ක්‍රීඩකයන් ක්‍රීඩා කළ යුතු ස්ථානයන්ද අපි හදුනාගත්තා. මම හිතන්නෙ අපේ පිතිකරණය දියුණු උනොත් අපිට හොද අවස්ථාවක් තියෙනවා. මොකද අපේ පන්දු යැවීමේ අංශය ඉතාමත් හොදයි. පන්දු රැකීමද වැඩිදියුණු වෙලා තියෙනවා”.

” චාමිකට වැදගත් භූමිකාවක් තියෙනවා. පසුගිය සැසිවලදී පිතිකරුවන් පන්දුවට පහරදීමට පැමිණිය යුතු ස්ථානය පිළිබදව අපි හදුනාගත්තා. කුසල් පෙරේරා පසුගිය දිනවල පැවති අන්තර් සංචිත පුහුණු තරගවලටත් එක්වුණා. ඔහුට දැන් ආබාධයක් නොමැති බව පෙනුනා. ඔහු Physio එක්ක ගොඩක් මහන්සි වෙලා වැඩ කරා. ඔහු අද පිතිකරණයේ නියලුනා. ඔහු පැතුම් නිශ්ශංක එක්ක ලස්සනට ඉනීම ගොඩනැගුවා. අපි ඔහුව කෙමෙන් කෙමෙන් ඉදිරියට ගන්නවා. මොකද ඔහු අපේ ප්‍රධාන ක්‍රීඩකයෙක් සමහරවිට ඉදිරියේ පැවැත්වෙන තරග 4න් 2ක් වගේ කුසල් ක්‍රීඩා කරාවි.”

Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top