මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පහලට යයි

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් එක් තරගයක් ඊයේ දිනයේදී පැවැත්වූයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතරයි. තරගයේ කාසිය වාසිය හිමිකරගත් කොල්කටා නායක ඉයන් මෝගන් පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ඊයේ තරගයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකත්වය සුපුරුදු ලෙසින් රොහිත් ෂර්මා විසින් දරනු ලැබීය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබාගන්නට සමත් වූයේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 78ක් එක් කරමිනි. නායක රොහිත් ෂර්මා පළමු කඩුල්ල ලෙසින් සුනිල් නරායන්ගේ පන්දුවකදී දැවී යන්නේ ලකුණු 33ක් රැස්කොට සිටියදීය. සූර්‍යකුමාර් යාදව්ට ඊයේ දිනයේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 5ක් පමණි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ක්වින්ටන් ඩි කොක් පන්දු 42ක් තුළ හතරේ පහර 4ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 55ක් රැස්කිරීමට සමත් විය.

ඉෂාන් කිෂාන් ලකුණු 14ක් රැස්කොට සිටියදී ෆර්ගසන් හමුවේ දැවී ගියේ ඇන්ඩ්‍ර රසෙල් අගනා උඩපන්දුවක් රැකගත් නිසාවෙනි. අවසන් පන්දුවාරයේදී කිරන් පොලාඩ් දුවද්දී දැවීයාමකට හසුවූ අතර කෘනල් පාන්ඩ්‍යාද ලකුණු 12කට ෆගසන් හමුවේ දැවීගියේය. නියමිත පන්දුවාර විස්ස තුළදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට රැස්කිරීමට කඩුලු 6ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 155ක් පමණි. පන්දු යැවීමේ ලොකී ෆගසන් හා ප්‍රසිද් ක්‍රිෂ්ණා කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් විය.

ඉලක්කය හබායාමට පිටියට පිවිසි කොල්කටා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙසින් ශුබ්මන් ගිල් ලකුණු 13කට දවාගැනීමට ජස්ප්‍රිට් බුම්‍රා සමත් විය. අනතුරුව පිටියට එක්වූ රාහුල් ත්‍රිපාති , වෙන්කටේෂ් අයියර් සමගින් එක්ව විශිෂ්ට පිතිහරඹයක නිරත විය. ඔවුන් දෙදෙනා එක්ව දෙවන කඩුල්ලට අගනා ලකුණු 88ක සබදතාවක් ගොඩනැගූහ. වෙන්කටේෂ් අයියර් පන්දු 30කදී හතරේ පහර 4ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 53ක් රැස්කොට සිටියදී දවාගැනීමට බුමාට හැකිවිය.

නැවතත් ක්‍රියාත්මක වූ ජස්ප්‍රිට් බුම්‍රා කොල්කටා නායකයාගේ ඉනීම ලකුණු 7කදී නිමා කළේය. පන්දුවාර 15 එක් පන්දුවකදී කඩුලු 3ක් පමණක් දැවි පහසුවෙන් ඉලක්කය සපුරාලන්නට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් වූහ. කොල්කටා පිළ,වෙනුවෙන් රාහුල් ත්‍රිපාති පන්දු 42ක් තුළ හතරේ පහර 8ක් හා හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 74ක් රැස්කිරීමට සමත් විය. මෙම ජයග්‍රහණයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට කොල්කටා කණ්ඩායම සමත් විය.

මුම්බායි ඉන්දියන්ස් : 155-6 (20.0)
ක්වින්ටන් ඩි කොක් 55(42), රොහිත් ෂර්මා 33(30)
ලොකී ෆර්ගසන් 2/27, ප්‍රසාද් ක්‍රිෂ්ණා 2/33

කොල්කටා නයිට්රයිඩර්ස් : 159-3 (15.1)
රාහුල් ත්‍රිපාති* 74(42), වෙන්කටේෂ් අයියර් 53(30)
ජස්ප්‍රිට් බුම්‍රා 3/43

Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top