LPL තරඟාවලියේ නිල අනුග්‍රාහකයා බවට ‘My11Circle’

[vc_row][vc_column][vc_column_text]ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ නිල අනුග්‍රාහකයා බවට ඉන්දීය ෆැන්ටසි ක්‍රිකට් සමාගමක් වන My11Circle සමාගම ගිවිසුම් ගතව ඇති බවට වාර්තා වේ. ඒ අනුව මෙවර තරගාවලිය My11Circle Lanka Premier League ලෙසින් නම් වනු ඇත.

My11Circle ආයතනය ෆැන්ටසි ක්‍රීඩාව සම්බන්ධයෙන් ඉන්දියාව තුළ පෙරමුණහි පසුවන ආයතනයකි. 2019 වසරේදී ආරම්භ කරන ලද මෙම ආයතනය වසරක කාලයක් තුළදී ඉන්දියාව තුළ ප්‍රමුඛතම ක්‍රීඩා ෆැන්ටසි ආයතනයක් බවට පත් විය.

මෙහි ඇති ‘Play With Champions’ යන අංගය බොහෝ ජනප්‍රියත්වයට පත්ව ඇති අතර ඉන්දීය හිටපු නායක සව්රව් ගංගුලි මහතා My11Circle ආයතනයෙහි සන්නාම තානාපතිවරයෙක් ලෙසින් කටයුතු කරයි.

” My11Circle යනු දැනටමත් ඉන්දියාව තුළ අතිශය ජනප්‍රිය ෆැන්ට්සි ක්‍රීඩා සම්බන්ධ ආයතනයක්. අප සෑම විටම උත්සහ කරන්නේ ක්‍රීඩා ලෝලීන්ට වෙනස් ආකරයේ අත්දැකීම් ලබාදෙන්නයි. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ නිල අනුග්‍රාහකයා වීමට ලැබීම පිළිබද අප සතුටු වෙනවා.

අපගේ බලාපොරොත්තුව වනුයේ ‘Play With Champions’ යන සුවිශේෂී අංගය ක්‍රීඩා ලෝලීන් වෙත සන්නිවේදනය කිරීමයි.” යනුවෙන් My11Circle සමාගමේ සන්නාම හා අලෙවිකරණ උපාය මාර්ග අධ්‍යක්ෂ අවික් දාස් කනුන්ගෝ මහතා අදහස් පළ කොට ඇත.

My11Circle ආයතනය ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ නිල අනුග්‍රාහකත්වය හිමිකොටගෙන ඇති බවත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලොව පුරා ජනප්‍රියත්වයට මෙය ඉතා වැදගත් වනු ඇති බවත් ලංකා ප්‍රිමියර් තරගාවලි අධ්‍යක්ෂ රවීන් වික්‍රමරත්න මහතගේ අදහසයි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top