LPL තරඟ තීරකවරුන් සහ විනිසුරු නම් කරයි

[vc_row][vc_column][vc_column_text]එළඹෙන 26 වනදා ආරම්භ වීමට නියමිත LPL තරඟාවලියේ විනිශ්චය කටයුතු සහ තරඟ තීරක කටයුතු වෙනුවෙන් වන තරඟ තීරක මඩුල්ල සල විනිසුරු මඩුල්ල නම් කර තිබෙනවා.

ඒ අනුව මෙම තරඟ තීරක මඩුල්ලට ICC යේ ප්‍රවීණ තරඟ තීරක මඩුල්ලේ සාමාජිකයෙක් වන රන්ජන් මඩුගල්ල මහතා ප්‍රමුඛ තවත් තරඟ තීරක වරුන් සිව් දෙනෙකුගෙන් සමන්විතයි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තරග තීරකවරයෙකු ලෙසින් වැඩිම අත්දැකීම් සහිත රංහන් මඩුගල්ල මහතා වසර 27කට අධික කාලයකදී ජාත්‍යන්තර තරග 660ක තීරකවරයා වශයෙන් කටයුතු කර ඇත

තරඟ තීරක මඩුල්ල

  1. රන්ජන් මඩුගල්ල මහතා
  2. ග්‍රැහැම් ලබ්‍රෝයි මහතා
  3. වෙන්ඩෙල් ලබ්‍රෝයි මහතා
  4. මනෝජ් මෙන්ඩිස් මහතා

එමෙන්ම ත්‍රිපුද්ගල තරඟ විනිසුරු මඩුල්ල ICC විනිශ්චකරවරුන්ගේ මඩුල්ලේ සාමාජිකයෙක් වන කුමාර් ධර්මසේන මහතා ප්‍රමුඛ තවත් විනිශ්චයකාරවරුන් කිහිපදෙනෙකුගෙන් සමන්විතයි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විනිසුරුවරයෙකු ලෙසින් වසර 11ක අත්දැකීම් සහිත කුමාර් ධර්මසේන මහතා ජාත්‍යන්තර තරග 192කදී පිටියේ විනිසුරුවරයා වශයෙන් කටයුතු කොට ඇත. වසරේ හොදම විනිසුරුවරයාට හිමි ඩේවිඩ් ශෙපර්ඩ් සම්මානය 2012 හා 2018 වසරේදී දිනාගත් කුමාර් ධර්මසේන 2019 වසරේ ලෝක කුසලාන අවසන් මහා තරගයේ ප්‍රධාන විනිසුරුවරයෙකු ලෙසින්ද කටයුතු කළේය.

තරඟ විනිසුරු මඩුල්ල

ජාත්‍යන්තර විනිසුරුවරුන්

  1. කුමාර් ධර්මසේන මහතා
  2. රුචිර පල්ලියගුරුගේ මහතා
  3. ප්‍රගීත් රඹුක්වැල්ල මහතා
  4. ලින්ඩන් හැනිබල් මහතා
  5. රවින්ද්‍ර විමලසිරි මහතා

දේශීය පළමු ශ්‍රේණියේ විනිසුරුවරුන්

  1. දීපාල් ගුණවර්ධන මහතා
  2. හේමන්ත බොතේජු මහතා
  3. කිර්ති බණ්ඩාර මහතා
  4. අසංග ජයසුරිය මහතා
  5. රෝහිත කොට්ටහච්චි මහතා
  6. රවින්ද්‍ර කොට්ටහච්චි මහතා

උපුටා ගැනීම – Cree Da Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top