[vc_row][vc_column][vc_column_text]අගෝස්තු 8 සිට 20 දක්වා ලංකා ප්‍රිමියර් ලීග් 2020 (එල්පීඑල්) පැවැත්වීමට ශ්‍රී ලංකා රජය ක්‍රීඩා අමාත්‍යංශය හරහා කැමැත්ත පළ කර ඇති අතර කණ්ඩායම් 5 ක් තරගාවලියට සහභාගී වීමට නියමිතය.
මෙම තරගාවලිය සඳහා තරග 23 ක් ඇතුළත් වන අතර ස්ථාන හතරක පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) දඹුල්ල, සූරියවැව, පල්ලෙකැලේ සහ SSC යන ක්‍රීඩාංගණවල දී එම තරග පැවැත්වීමට නියමිතව ඇත.
මෙම තරගාවලියට කණ්ඩායම් පහක් ක්‍රීඩා කරන අතර එක් කණ්ඩායමක සංචිතයට විදේශ ක්‍රීඩකයන් හය දෙනෙකු සහ දේශීය ක්‍රීඩකයන් නව දෙනෙකු ඇතුළත් වේ. වර්තමාන ලෝක ක්‍රිකට් පිටියේ ප්රබලතම ක්‍රීඩකයන්ට තරගාවලිය සඳහා ආරාධනා කර ඇති අතර සහභාගී වන ක්‍රීඩකයින් පිළිබඳව අවසන් තීරණයක් තවමත් ගෙන නොමැත.
තරඟාවලියේ ක්‍රීඩක කෙටුම්පත ජූලි 2 වන සතියේ පැවැත්වීමට අපේක්ෂා කෙරේ. තරගාවලියට සහභාගි වන සියලු ක්‍රීඩකයන් දින 14කට වැඩි කාලයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණිය යුතු අතර ඔවුන්ට සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත කටයුතු කිරීමට ද සිදු වනු ඇත.[/vc_column_text][/vc_column][/vc_row]