LPL දෙවන අදියර කල් දැමෙන ලකුණු!

[vc_row][vc_column][vc_column_text]ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර කල් දැමීමට සිදුවී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කොට ඇත. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර ජුලි මස 30වනදා ආරම්භ වීමට නියමිතව තිබුණි. නමුත් තරගාවලිය වෙනුවෙන් විදෙස් ක්‍රීඩකයන් නොමැති වීම හේතුවෙන් තරගාවලිය කල් දැමීමට සිදු වූ බව ක්‍රිකට් ආයතන ආරංචිමාර්ග උපුටා දක්වමින් InsideSports වෙබ් අඩවිය වාර්තා කොට ඇත.

” තරගාවලිය අවාසනාවන්ත ලෙසින් කල් දැමීමට සිදු වුණා. බංග්ලාදේශ, පාකිස්තාන, බටහිර ඉන්දීය කොදෙව් හා එංගලන්ත ක්‍රීඩකයන් මෙම අවස්ථාවේදී ලබාගන්න බෑ. තරගාවලිය පැවැත්වීමට දින වකවානු තවමත් තීරණය කරල නෑ. ඉදිරි සති කිහිපය තුළ ඒ පිළිබදව ක්‍රිකට් ආයතනය සලකා බලනවා.” යනුවෙන් ක්‍රිකට් ආයතන ප්‍රකාශකයෙකු Inside sports වෙබ් අඩවිය වෙත අදහස් දක්වා ඇත.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය, කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය හා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය හේතුවෙන් LPL පැවැත්වීමට දින වකවානු සොයාගැනීමේ අසීරුතාවක් ඇති වනු ඇත. එසේ වුවහොත් තරගාවලිය දෙසැම්බර් මස තෙක් කල් තැබීමට සිදුවනු ඇත.

 

Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top