[vc_row][vc_column][vc_column_text]
7 වන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා ගමන ආරම්භ කරමින් තරඟාවලියේ ප්‍රධාන තරඟ වටයට සුදුසුකම් ලැබීමේ තරඟ වල පළමු තරඟය නැමිබියාවට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් අත්කර දෙමින් නිමාවට පත් විය. තරඟයේ වීරයා බවට පත් වූයේ තම පන්දුවාර 4 තුළදී ලකුණු 25 කට නැමීබියා කඩුලු 3ක් දවාගත් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණය. තරඟයෙන් අනතුරුව ඔහු, ශ්‍රී ලංකා නායකයා මෙන්ම නැමීබියා නායකයාද අදහස් දැක්වූයේ පහත පරිදිය,
තරඟයේ වීරයා ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ
“මම මගේ රට නියෝජනය කරමින් තරඟ වැදීමට ලැබීම ගැන අතිශය සතුටට පත් වෙනවා. මේක මට විශාල මොහොතක්. අනික මම තාම 21 හැවිරිදි ක්‍රීඩකයෙක්. අවසාන වතාවේදී මම මේ ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කරපු තරඟයේත් මම තරඟයේ වීරයා බවට පත් වුණා. මේක මට වාසනාවන්ත ක්‍රීඩාංගනයක්. දිගින් දිගටම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් තරඟ වදින එක තමයි මගේ ආසාව. තරඟයෙන් තරඟය ක්‍රීඩා කළ යුතු ආකාරය පිළිබඳව මම සැලසුම් සකස් කරගෙන යනවා.”
ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක
“අපි තරඟයට පෙර විශාල වශයෙන් සැලසුම් සකස් කළා. අනිවාර්යයෙන්ම අපට අවශ්‍ය වන්නේ මේ සුදුසුකම් ලැබීමේ වටය සාර්ථකව අවසන් කරගැනීමයි. මහීෂ් තීක්ෂණය අද ඉතාමත්ම හොඳින් ක්‍රීඩා කළා. ඔහු අජන්ත මෙන්ඩිස් සමගත් පුහුණුවීම් කටයුතු වල නිරට්ග වුණා. විශේෂයෙන්ම පසුගිය මාස කිහිපයේදී අපේ වේග පන්දු යවන්නන් සාර්ථක විදිහට ක්‍රීඩා කරනවා. ඒක ඉතාම වැදගත් කාරණයක්. කලින් ඔවුන්ට වේගය තිබුණත් අවශ්‍ය රිද්මය තිබුණේ නෑ. වර්තමානයේදී ඔවුන් ක්‍රීඩා කරන ආකාරය මත ඔබට හොඳ දේවල් දකින්න පුලුවන්. සුදුසුකම් ලැබීමේ තරඟ 3 ම ජයග්‍රහණය කිරීම මගින් අවශ්‍ය හොඳ මානසිකත්වයක් අපිට ලැබෙයි. තණතීරු වළ ස්භාවය අඳුර ගන්නත් ඒක අපිට ලොකු උදව්වක් වේවි.”
පරාජිත නැමීබියා කණ්ඩායමේ නායක ගර්හාඩ් එරාස්මස්
“තරඟයෙන් අපිට අවශ්‍ය ධන ලකුණු ලබා ගැනීම අප කළ යුතුයි. නැවත සංවිධානය වීම අත්‍යාවශයි. තවත් වැදගත් තරඟ දෙකක් අපට ඉතිරිව තිබෙනවා. ශ්‍රී ලංකාව සතුව හොඳ පන්දු යැවීමේ බලඇණියක් සිටිනවා. මම හිතන්නේ ලකුණු 96ක් ප්‍රමාණවත් නෑ. කොහොම වුණත් Trumpelmann පන්දු යැවූ ආකාරය සම්බන්ධයෙන් සතුටුයි. ඔහු කඩුල්ලක් දවා ගැනීම විශේෂයි. සෑම විටම ඔහු හොඳ වේගයකින් පන්දු යවනවා. මේක ලෝක මට්ටමේ අත්දැකීම් ලබා ගන්න අපේ ක්‍රීඩකයන් හට ලැබුණ හොඳ අවස්ථාවක් විදිහට මම දකිනවා.”
[/vc_column_text][/vc_column][/vc_row]