මැක්ස්වෙල් නිසා බැංගලෝරයට ජයක් !!

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් එක් තරගයක් ඊයේ රාතියේදී පැවැත්වූයේ ප්‍රබල රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතරයි. තරගයේ කාසිය වාසිය හිමිකරගත් බැංගලෝර් නායක විරාට් කෝලි පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

සිය ඉනීම වෙනුවෙන් පිටියට පිවිසි රාජස්ථාන් ආරම්භක පිතිකරු යුගලය සාර්ථක සබදතාවක් ගොඩනගන්නට සමත් විය. ආරම්භක කඩුල්ලට යශස්වි ජයිසිවාල් හා ඊවන් ලෙවිස් අතරෙහි වේගවත් ලකුණු 77ක සබදතාවක් ගොඩනැගුණි. රාජස්ථාන් ඉනීමේ පළමු කඩුල්ල ලෙසින් ජයසිවාල් දැවී යන්නේ ලකුණු 31ක් රැස්කොට සිටියදීය. තරගයේ දොලොස්වන පන්දුවාරය ආරම්භයේදී රාජස්ථාන් ලකුණු පුවරුව එක් කඩුල්ලට ලකුණු 100ක් ලෙසින් දිස්විය.

ගාර්ට්න් යොමුකළ පළමු පන්දුවේදීම ලකුණු 58ක් රැස්කළ ඊවන් ලෙවිස් දැවීගියේය. රාජස්ථාන් ඉනීමේ කඩාවැටීම ඇරඹෙන්නේ එතැන් පටන්ය. අනිකුත් පිතිකරුවන්ගේ අසාර්ථකභාවය හමුවේ නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 149ක් පමණි. අවසන් පන්දුවාරයේදී හර්ෂල් පටෙල් කඩුලු 3ක් දවාගැනීමට සමත් විය.

ඉලක්කය හබායාමට පිටියට පිවිසි බැංගලෝර් කණ්ඩායමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 48ක් එක්කරන්නට කෝලි හා පඩික්කාල් සමත් විය. පඩික්කාල් ලකුණු 22කදී දවාගැනීමට මුෂ්ටෆීසර් රහ්මාන්ට හැකිවිය. අනතුරුව විරාට් කෝලි ලකුණු 25කදී දුවද්දී දැවීයාමකට හසුකරගන්නට පාරග්ට හැකිවිය. ශ්‍රීකර් භාරත් හා ග්ලෙන් මැක්ස්වෙල් එක්ව බැංගලෝර් කණ්ඩායම ජයග්‍රාහී මාවතට අවතීර්ණ කළහ. ශ්‍රීකර් භාරත් ලකුණු 44ක් රැස්කොට සිටියදී දවාගැනීමට මුෂ්ටෆීසර් රහ්මාන්ට හැකිවිය.

ඉනීමේ 17වන පන්දුවාරයේදී ග්ලෙන් මැක්ස්වෙල්ගෙන් ක්‍රිස් මොරිස්ට දැඩි ප්‍රහාරයක් එල්ල විය. එම පන්දුවාරයේදී ලකුණු 22ක් රැස්කිරීමට මැක්ස්වෙල්ට හැකිවද්දී ජයග්‍රාහී අවසන් ලකුණ රැස්කිරීමට විලියස් සමත් වූයේ බැංගලෝරයට කඩුලු 7ක ජයක් උරුම කරදෙමිනි. වේගවත් ඉනීමක් ක්‍රීඩා කළ ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 30කදී නොදැවුනු ලකුණු 50ක් රැස්කිරීමට සමත් විය.

රාජස්ථාන් රෝයල්ස් : 149-9 (20.0)
ඊවන් ලෙවිස් 58(37), යශස්වි ජයිසිවාල් 31(22)
හර්ෂල් පටෙල් 3/34, ශබාස් අහමඩ් 2/10, යුෂ්වේන්ද්‍රන් චහල් 2/18

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් : 153-3 (17.1)
ග්ලෙන් මැක්ස්වෙල්* 50(30), ශ්‍රීකර් භාරත් 44(35)
මුෂ්ටෆීසර් රහ්මාන් 2/20

Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top