මැක්ස්වෙල්ට තදබල විවේචනයක්!

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමගින් පැවති තරගයේදී වේගවත් ලකුණු 56ක් රැස්කිරීමට ග්ලෙන් මැක්ස්වෙල් සමත් වූයේ 150කට වඩා වැඩි ප්‍රහාරාත්මක වේගයක් රදවාගනිමිනි. හිටපු ඉන්දීය ක්‍රීඩක විරේන්ද්‍ර ශෙවාග් මැක්ස්වෙල්ගේ පිතිකරණ සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කොට ඇත.

” ඔහුට කුසලතාව හා හැකියාව තියෙනවා. නමුත් ඔහු සමහර වෙලාවට මොලේ පාවිච්චි කරන්නෑ. මුම්බායි තරගයේදී ඔහු හොදින් මොලය පාවිච්චි කරපු නිසා හොද ලකුණක් රැස්කළා. මම ඔහුට විරුද්ධ නෑ. නමුත් ඔහුගේ ක්‍රීඩා විලාශයට විරුද්ධයි. ඔහු හොද ක්‍රීඩකයෙක් නමුත් තමාව තරගයේ ස්වභාවය අනුව ඔහු භාවිතා කරන්නෑ.”

සෑම වාරයකදීම මැක්ස්වෙල්ට විශාල මුදල් ප්‍රමාණයක් ලබාදුන්නද ඔහු තරග ජයග්‍රහණය කරවීමට අසමත් බවද ශෙවාග් සදහන් කොට ඇත. Cricbuzz වෙබ් අඩවිය සමගින් සාකච්ඡාවකට එක් වෙමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත්තේ ස්ථාවර වීමට නිවැරදි මානසික ආකල්ප ගොඩනගාගත යුතු බවයි.

” ඔහුගේ දක්ෂතාවයේ අඩුවක් නෑ. නමුත් ඔහු එයින් ප්‍රයෝජන ගත යුත්තේ මොළය පාවිච්චි කිරීමෙන්. ඔහුගේ කණ්ඩායම ජයග්‍රහණය කරාගෙන යාමට බැරි නම් එයින් වැඩක් නෑ. ඔහු සැම වසරකම ඩොලර් මිලියන 2ක් පමණ ගන්නා නමුත් කිසිවක් නොකරයි”

මෙවර තරගාවලිය තුළදී තරග 10කට ක්‍රීඩා කරමින් මැක්ස්වෙල් ලකුණු 300ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ 138.24ක ප්‍රහාරාත්මක වේගයක් රදවාගනිමිනි

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top