Milo පාසල් දැල්පන්දු සමස්ථ ශූරතාවය මලියදේව බාලිකාවන් සතුවෙයි

[vc_row][vc_column][vc_column_text]30වන වරට පැවති Milo අන්තර් පාසල් දැල්පන්දු තරගාවලිය පොලොන්නරුව ගල්ඇල්ල මහජන ක්රීඩාංගණයේදී ඊයේ නිමාවට පත්විය. 13න්, 15න් 17න් හා 19න් පහළ වයස් කාණ්ඩ යටතේ පැවති තරගාවලිය වෙනුවෙන් ක්රීඩිකාවන් 500කට වැඩි ගණනක් සහභාගි විය. මෙවර තරගාවලියේ සමස්ථ ශූරතාවය දිනාගැනීමට සමත් වූයේ කුරුණෑගල මලියදේව බාලිකා විද්යාලයයි.

පසුගිය දශකය පුරාවට පාසල් දැල්පන්දු පිටිය ආක්රමණය කොට සිටි අසල්වැසි පාසල වූ ශුද්ධවූ පවුලේ කන්යාරාමය අභිබවමින් වසර 13කට පසුව සමස්ථ ශූරතාවය දිනාගැනීමට මලියදේව බාලිකාවන්ට හැකිවිය.

මෙවර තරගාවලියේ වයස අවුරුදු 13න් පහළ හා 17න් පහළ යන වයස් කාණ්ඩ දෙකෙහිම ශූරතාවය දිනාගැනීමට මලියදේව ක්රීඩිකාවන්ට හැකිවිය. වයස අවුරුදු 15න් පහළ ශූරියන් ලෙස මෙවර කිරුලු දැරුවේ කොළඹ මියුසියස් විද්යාලයයි. පසුගිය වසරේ සමස්ත ශූරියන් වූ කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්යාරාමය මෙවර 19න් පහළ ශූරතාවය ජයග්රහණය කිරීමට සමත් විය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top