දෝනිට ගුග්ලි පන්දුව කියවන්න බෑ – ඉර්ෆාන් පතාන්

[vc_row][vc_column][vc_column_text]මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි එතරම් දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් විය. මූලික වටයේ ක්‍රීඩා කළ තරග 14 අවසානයේදී මහේන්ද්‍ර සිං දෝනිට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 96ක් පමණි. මෙවර තරගවාරයේදී මහේන්ද්‍ර සිං දෝනිගේ පිතිකරණ සාමාන්‍ය ලකුණු 13.71ද ප්‍රහාරාත්මක වේගය 95.04ක් වැනි අඩු අගයකි.

හිටපු ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතාන් දෝනිගේ දක්ෂතා පිළිබදව බලාපොරොත්තු සුන්වීමකින් අදහස් දක්වා ඇත. පසුගිය තරගය කිහිපයේදී දෝනි දැවී යාමේදී දුටු ගැටලු කිහිපයක් පිළිබදව අදහස් දක්වා ඇත. ඊයේ දිනයේදී පංජාබ් කිංග්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී මහේන්ද්‍ර සිං දෝනි දැවීයන්නේ රවී බිෂ්නෝයි යොමුකළ ගුග්ලි පන්දුවක් හමුවේය.

මෙම දැවී යාම මෙන්ම පෙර තරගයකදීද වරුන් චක්‍රවර්තීගේ ගුග්ලි පන්දුවක් හමුවේ දැවීයාම සම්බන්ධයෙන්ද ඉර්ෆාන් පතාන් සිය අදහස් පළ කොට ඇත.

” ඔහු මේ ආකාරයෙන් පිතිකරණයේ නියලෙනවා දැකීම කළකිරීමට කාරණයක්. ඔහු වේගපන්දු යවන්නන්ට එරෙහිව දැවීයාම තේරුම් ගත හැකියි. නමුත් දෝනිට ගුග්ලි පන්දුව කියවීමට නොහැකියි. එය දිගින් දිගටම සිදුවෙලා තියෙනවා. එය සිදු වුණු පළමු වතාව මෙය නෙවෙයි. ඔහු වරුන් චක්‍රවර්තීගේ ගුග්ලි පන්දුවක් හමුවේ මින් පෙර දැවී ගියා.”

පන්දුවට පහරදීමේදී දෝනි මුහුණ පාන ගැටලු සම්බන්ධයෙන්ද ඉර්ෆාන් පතාන් සිය අදහස් දක්වා ඇත. දෝනි වැඩි වශයෙන් පහළ අත භාවිතා කිරීම ඔහුගේ දැවීයාමට හේතු වූ බවද පතාන් සදහන් කළේය.

” පන්දුව කඩුල්ල කරා පැමිණෙන විට ඔහු දෑත් නිදහස් කරගැනීමට උත්සහ ගන්නෙ නෑ.පන්දුව කඩුල්ලෙන් පිටතට යන විටදී පිත්තේ දාරයේ වැදෙනවා. යටි අත භාවිතා කිරීමේදී සිදුවන්නේ මෙයයි”.

Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top