මුම්බායි පිළ නැවතත් ජය මාවතේ

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් එක් තරගයක් ඊයේ රාතියේදී පැවැත්වූයේ ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා පංජාබ් කිංග්ස් කණ්ඩායම අතරයි. තරගයේ කාසිය වාසිය හිමිකරගත් මුම්බායි ඉන්දියන්ස් නායක රොහිත් ෂර්මා පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඊයේ දිනයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඇඩම් මිලන් වෙනුවට නේතන් කුල්ටර්නයිල් කැදවා තිබුණි.

පංජාබ් පිළේ පළමු කඩුල්ල ලකුණු 36කදී දැවීයද්දී දෙවන කඩුල්ල ලෙසින් කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල් එක් ලකුණකට දැවීගියේය. කිරන් පොලාඩ් ක්‍රියාත්මක කළ එම පන්දුවාරයේදීම පංජාබ් නායක ලෝකේෂ් රාහුල්ගේ ඉනීම ලකුණු 21කදී නිමාවිය. නිකලස් පූරාන්ද ලකුණු 2ක් රැස්කොට සිටියදී ජස්ප්‍රිට් බුම්‍රා හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවිය. අනතුරුව ඒඩ්න් මක්‍රම් හා දීපක් හූඩා පංජාබ් ඉනීමට ලකුණු 61ක සබදතාවක් එක් කළහ.

ඉනීමේ වැඩිම ලකුණු ලාභියා වූ ඒඩ්න් මක්‍රම් ලකුණු 42කට දවාගැනීමට රාහුල් චහර් සමත් විය. දීපාක් හූඩාගේ ඉනීමද ලකුණු 28කදී නිමාකරන්නට බුම්‍රාට හැකිවද්දී නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 6ක් දැවී ලකුණු 135ක් පංජාබ් ඉනීම ඉදිරියේ සටහන් විය. ඉලක්කය හබායාමට පිටියට පිවිසි මුම්බායි කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙසින් ලකුණු 8ක් රැස්කළ ශර්මා දවාගැනීමට රවී බිෂ්නෝයිට හැකිවිය.මීළග පන්දුවේදී සූර්‍යකුමාර් යාදව් ලකුණු නොලබා ක්‍රීඩාගාරයට හරවා යවන්නට රවී බිෂ්නෝයි සමත් විය.

දසවන පන්දුවාරයේ පස්වන පන්දුවේදී ක්වින්ටන් ඩි කොක් ලකුණු 27කට දැවීයන්නේ මොහොමඩ් ශාමි හමුවේය. මුම්බායි කණ්ඩායමට අගනා ලකුණු 45ක් එක් කළ සව්රබ් තිවාරි එලිස්ගේ පන්දුවක් හමුවේ දැවීයන්නේ රාහුල් අතට උඩපන්දුවක් ලබාදෙමිනි. ඊයේ දිනයේදී හර්දික් පාන්ඩ්‍යාගේ හා කිරන් පොලාඩ්ගේ පිත්ත ක්‍රියාත්මක වීමේ අවසන් ප්‍රතිඵලය බවට පත් වූයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට කඩුලු 6ක ජයක් හිමිවීමයි. නොදැවී ක්‍රීඩා කළ හර්දික් පාණ්ඩ්‍යා පන්දු 30කදී ලකුණු 40ක්ද කිරන් පොලාඩ් පන්දු 7කදී ලකුණු 15ක්ද රැස්කිරීමට සමත් විය. එම ජයග්‍රහණයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැන්නා බවට පත් වන්නට මුම්බායි කණ්ඩායමට හැකිවිය.

පංජාබ් කිංග්ස් : 135-6 (20.0)
ඒඩ්න් මක්‍රම් 42(29),දීපාක් හූඩා 28(26)
කිරන් පොලාඩ් 2/8, ජස්ප්‍රිට් බුම්‍රා 2/24

මුම්බායි ඉන්දියන්ස් : 137-4 (19.0)
සව්රබ් තිවාරි 45(37), හර්දික් පාන්ඩ්‍යා* 40(30)
රවී බිෂ්නෝයි 2/25

Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top