[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් එක් තරගයක් ඊයේ රාතියේදී පැවැත්වූයේ ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතරයි. මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ වැඩි ආකර්ෂණයක් දිනාගත් මෙම තරගයේ කාසිය වාසිය හිමිකරගත් මුම්බායි නායක රෝහිත් ෂර්මා පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඊයේ දිනයේදී වනිදු හසරංග වෙනුවට ඩැනියල් ක්‍රිස්ටියන් බැංගලෝර් කණ්ඩායමට කැදවා තිබුණි.
බැංගලෝර් ආරම්භක පිතිකරු පඩික්කාල් ලකුණු නොලබා ක්‍රීඩාගාරයට බලායද්දී කෝලි හා භාරත් අතරෙහි දෙවන කඩුල්ලට ලකුණු 68ක සබදතාවක් ගොඩනැගුණි. විරාට් කෝලි ඊයේ දිනයේදී වාර්තා පොත් අතරට එක්වූයේ විස්සයි විස්ස පිටියේ ලකුණු 10000 සීමාව පසු කළ ලොව පස්වැන්නා හා පළමු ඉන්දියානුවා බවට පත් වෙමිනි. භාරත් ලකුණු 32කට දැවීගිය පසු පිටියට එක්වන ග්ලෙන් මැක්ස්වෙල්ද අගනා ඉනීමක් ක්‍රීඩා කළේය.
විරාට් කෝලි පන්දු 42ක් තුළ ලකුණු 51ක් රැස්කොට සිටියදී ඇඩම් මිලන් හමුවේ දැවී ගියේය. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා වූ ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 37ක් තුළදී හතරේ පහර 6ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 56ක් රැස්කිරීමට සමත් විය. ඩිවිලියස්ගේ ඉනීම ලකුණු 11කට සීමා වද්දී නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස්කිරීමට බැංගලෝර් කණ්ඩායම සමත් වූහ. පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 3ක් බිදහෙලීය.
පිළිතුරු ඉනීම ඇරඹූ මුම්බායි ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ලට ලකුණු 57ක් එක් කළහ. ඩිකොක් ලකුණු 24කට දැවී ගිය අතර නායක රොහිත් ෂර්මා ලකුණු 43කට දවාගැනීමට මැක්ස්වෙල් සමත් විය. එතැන් පටන් පිටියට පිවිසි කිසිදු පිතිකරුවකුට ලකුණු 10 සීමාව ඉක්මවන්නට බැංගලෝර් පන්දු යවන්නන් ඉඩ නොතැබූහ. මුම්බායි ඉනීමේ 17වන පන්දුවාරයේදී කඩුලු ත්‍රිත්වයක් දවාගැනීමට හර්ෂල් පටෙල් සමත් කම් දැක්වීය.
ඔහුගේ කඩුලු ත්‍රිත්වයේ ගොදුරු බවට පත් වූයේ හර්දික් පාණ්ඩ්‍යා, කිරන් පොලාඩ් හා රාහුල් චහර්ය. පන්දුවාර 18 එක් පන්දුවක් තුළදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 111ක් පමණි. ඒ අනුව මෙම තරගයෙන් බැංගලෝර් කණ්ඩායමට ලකුණු 54ක විශිෂ්ට ජයක් හිමිවිය. පන්දු යැවීමේදී හර්ෂල් පටෙල් කඩුලු 4ක් හා යුෂ්වේන්ද්‍රන් චහල් කඩුලු 3ක් දවාගැනීමට සමත් විය.
රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් : 165-6 (20.0)
ග්ලෙන් මැක්ස්වෙල් 56(37),විරාට් කෝලි 51(42), ශ්‍රීකර් භාරත් 32(24)
ජස්ප්‍රිට් බුම්රා 3/36, ට්‍රෙන්ට් බෝල්ට් 1/17
මුම්බායි ඉන්දියන්ස් : 111-10 (18.1)
රොහිත් ෂර්මා 43(28), ක්වින්ටන් ඩි කොක් 24(23)
හර්ෂල් පටෙල් 4/17, යුෂ්වේන්ද්‍රන් චහල් 3/11,ග්ලෙන් මැක්ස්වෙල් 2/23
Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]