මහේලගේ මුම්බායි පිළ තවමත් සටනේ

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් එක් තරගයක් ඊයේ රාතියේදී පැවැත්විණි.ඒ ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතරයි. අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් මෙම තරගය කණ්ඩායම් දෙකටම ඉතා වැදගත් විය. තරගයේ කාසිය වාසිය හිමිකරගත් මුම්බායි නායක රොහිත් ෂර්මා පළමුව පන්දු යැවීම තෝරාගත්තේය.

ඒ අනුව පිටියට පිවිසි රාජස්ථාන් පිතිකරුවන්ට ආරම්භයේ සිටම පීඩනයක් එල්ල කරන්නට මුම්බායි ඉන්දියන්ස් පන්දු යවන්නන් සමත් විය. නියමිත පන්දුවාර විස්ස අවසානයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවන්නේ ලකුණු 90ක් පමණි. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු ඊවන් ලෙවිස් පන්දු 19කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 24ක් රැස්කිරීමට සමත් විය. ඩේවිඩ් මිලර් රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 15ක් එක් කරද්දී සෙසු කිසිදු පිතිකරුවකුට ලකුණු 15 සීමාව ඉක්මවන්නට මුම්බායි පන්දු යවන්නන් ඉඩ නොතැබූහ.

පන්දු යැවීමේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් නේතන් කුල්ටර්නයිල් පන්දුවාර 4 තුළදී ලකුණු 14කට කඩුලු 4ක් බිදහෙලීය. ජිමී නීෂම් ලකුණු 12කට කඩුලු 3ක් හා ජස්ප්‍රිට් බුම්‍රා ලකුණු 14ට කඩුලු 2ක් දවාගැනීමට සමත් විය. පහසු ඉලක්කය හබායාමට පිටියට එක්වූයේ නායක රෝහිත් ෂර්මා සමගින් යොවුන් ක්‍රීඩක ඉෂාන් කිෂාන්ය. මුම්බායි පිළේ පළමු කඩුල්ල ලෙසින් ලකුණු 22ක් රැස්කළ රොහිත් ෂර්මා දවාගැනීමට චේතන් සකාරියා සමත් විය. ඉෂාන් කිෂාන් ඊයේ දිනයේදී අගනා පිතිහරඹයක නිරත විය.

සූර්‍යකුමාර් යාදව්ගේ ඉනීමද ලකුණු 13කට සීමා විය. පන්දුවාර 8 පන්දු 4ක් තුළදී නියමිත ඉලක්කය සපුරා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. ඉෂාන් කිෂාන් ජයග්‍රාහී හයේ පහරක් එල්ල කරමින් සිය අර්ධශතකයද සම්පූර්ණ කළේ පන්දු 25ක් තුළ හතරේ පහර 5ක් හා හයේ පහර 3ක් සමගිනි. තරගයේ වීරයා ලෙසින් නේතන් කුල්ටර්නයිල් සම්මාන ලැබීය. අවසන් කණ්ඩායම් හතරට පිවිසීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය කළ යුතු අතර කොල්කටා කණ්ඩායම කණ්ඩායම රාජස්ථාන් කණ්ඩායම හමුවේ පරාජයට පත් විය යුතුය.

රාජස්ථාන් රෝයල්ස් : 90-9 (20.0)
ඊවන් ලෙවිස් 24(19), ඩේවිඩ් මිලර් 15(13)
නේතන් කුල්ටර්නයිල් 4/14, ජිමී නීෂම් 3/12, ජස්ප්‍රිට් බුම්‍රා 2/14

මුම්බායි ඉන්දියන්ස් : 94-2 (8.4)
ඉෂාන් කිෂාන්* 50(25), රොහිත් ෂර්මා 22(13)
මුෂ්ටෆීසර් රහ්මාන් 1/32

Creeda Sports NetWork[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top