Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

දෙවැනි පෙරහුරුවත් ශ්‍රී ලංකාව ලකුණු 38කින් ජය ගනියි

[vc_row][vc_column][vc_column_text]විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සූදානම් වීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ලබා දෙනු ලබන පුහුණු තරග අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි පුහුණුව බවට පත් වුණු පැපුවා නිව්ගිනියාවට එරෙහි තරගයෙන් ලකුණු 38 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14 දා) සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 162 ක ඉලක්කයක් හඹා ගිය පැපුවා නිව්ගිනියාවට ශ්‍රී ලංකා පන්දු යැවීම හමුවේ රැස් කර ගත හැකි වූයේ කඩුලු 7 ක් දැවී ලකුණු 124 ක් පමණි. ප්‍රතිවාදී පිතිකරුවන් අතරින් අසාද් වාලා ලකුණු 51 ක් ලබා හුදෙකලා සටනක නිරත වද්දී දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග කඩුලු 2 බැගින් බිඳ හෙළූහ. ඔවුන්ට අමතර නායක දසුන් ශානක, චාමික කරුණාරත්න සහ මහීෂ් තීක්ෂණ කඩුල්ල බැගින් දවා ගත්හ.

අබුඩාබිහි ටොලරන්ස් ඕවල් පිටියේ පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිල පළමුව පන්දුවට පහර දෙමින් කඩුලු 5 ක් දැවී ලකුණු 162 ක් රැස් කර ගත්තේය. පිතිකරුවන් අතර වැඩි බලාපොරොත්තුවක් බවට පත්ව සිටින අවිෂ්ක ප්‍රනාන්දු මේ තරගයේදීද සාර්ථක වෙමින් අර්ධ ශතකයක් රැස් කරගත්තේය.

ආරම්භක පිතිකරු ස්ථානයෙන් පන්දුවට පහර දුන් අවිෂ්ක අංක 4 පිතිකරුවාගේ වගකීම භාර ගත් දින සිට කැපී පෙනෙන සාර්ථකත්වයක් පෙන්නුම් කරමින් සිටියි. පන්දු 37 කට මුහුණ දුන් අවිෂ්ක වේගවත් ලකුණු 61 ක් ලබා ගත්තේය. එම අගනා ඉනිම සඳහා ඔහු හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් එල්ල කළේය.

වේගයෙන් අවිෂ්ක ලකුණු රැස් කළද ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ පැතුම් නිස්සංකය.

අවසන් ඉනිම කීපයේදීම ලකුණු අතර නොසිටි පැතුම් තේරීම් කමිටුවේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින් අද තරගයේදී ලකුණු අතරට පැමිණියේ  ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි. අවිෂ්ක තරම් වේගයෙන් පැතුම් පන්දුවට පහර නොදුන්නද මුහුණ දුන් පන්දු 58 න් ලකුණු 76 ක් තම කණ්ඩායමට දායාද කළේය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමඟින් ලකුණු රැස් කළ හුරුබුහුටි දකුණත් පිතිකරුවා ඉනිම ආරම්භයේ සිට 19 වැනි පන්දුවාරයේ පස්වැනි පන්දුවේදී දැවී ගියේය. විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටය යටතේ ‘ඒ’ කාණ්ඩය නියෝජනය කිරීමට නියමිත ශ්‍රී ලංකාව එහි පළමු තරගය සඳහා ලබන 18 වැනිදා නැමීබියාවට එරෙහිව තරග වදිනු ඇත. එම තරග වටය යටතේ ශ්‍රී ලංකාව 20 වැනිදා අයර්ලන්තයට එරෙහිවද 22 වැනිදා නෙදර්ලන්තයට එරෙහිවද තරග වදිනු ඇත.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top