NSL සිව්දින තරගාවලිය ජනවාරි මාසයේදී ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන National Super League ක්‍රිකට් තරගාවලිය ජනවාරි 18 වැනිදා සිට ආරම්භ වීමට නියමිතය. තරගාවලිය සඳහා පළාත් කණ්ඩායම් පහක් සහභාගි වීමට නියමිතය. පළමු සතියට අදාළ තරග ජනවාරි 18 සිට 21 දක්වා පැවැත්වෙන අතර අවසන් මහා තරගය අප්‍රේල් 30 සිට මැයි 3 දක්වා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, SSC ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, R. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සහ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය යන ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගනිමින් තරගාවලිය පැවැත්වෙයි.

ගාල්ල, යාපනය, දඹුල්ල, කොළඹ සහ මහනුවර කණ්ඩායම් මෙවර ද තරගාවලිය වෙනුවෙන් එක්වන අතර අන්තර් සමාජ ලීග් සහ සීමිත ඕවර තරගාවලියේ දස්කම් දැක්වූ ක්‍රීඩකයින් මෙම තරගාවලියට එක්වනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මුලින්ම NSL සීමිත පන්දුවාර තරඟාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබුණද, නව තේරීම් කමිටුවේ ඉල්ලීම මත, සිව්දින තරඟාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. NSL සීමිත ඕවර ක්‍රිකට් තරඟාවලිය සහ NSL T-20 තරඟාවලිය මූලික වශයෙන් එළඹෙන ජූලි මාසයේදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්ක කොට ගනිමින් පැවැත්වෙයි.

Back To Top