[vc_row][vc_column][vc_column_text]එළඹෙන බංග්ලාදේශ තරගාවලිය වෙනුවෙන් පුහුණුවීම් සිදුකරන යොවුන් සංචිතයේ ක්‍රීඩකයන් සියලු දෙනා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සමත් වී ඇත. ශ්‍රී ලංකා යොවුන් සංචිතයට ඇතුළත් ක්‍රීඩකයන් 26දෙනාම මෙලෙසින් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වී ඇති බවට යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා සදහන් කොට ඇත.
මෙම මස බංග්ලාදේශය සමගින් පැවැත්වීමට නියමිත තරගාවලියට පෙර පුහුණු කදවුරේදී කණ්ඩායම ලද ප්‍රගතිය සම්බන්ධයෙන් තමා සතුටුවන බවද අවිශ්ක ගුණවර්ධන මහතා සදහන් කොට ඇත. The Island පුවත්පත වෙත අදහස් දක්වමින් යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මෙම අදහස් දක්වා ඇත.
” පසුගිය සති කිහිපය තුළදී කණ්ඩායම වැඩිදියුණු කළ ආකාරය ගැන මම සතුටු වෙනවා. මෙම පුහුණු කඳවුර පැවැත්වූ ආකාරය ගැන සියලු දෙනා සතුටු වෙනවා. එය විශාල අභියෝගයකි. ක්‍රීඩකයින් කාලයක් තිස්සේ කිසිදු ක්‍රිකට් ක්‍රීඩාවක් ක්‍රීඩා කර නැත. මාස 18 කටත් වැඩි කාලයකට පසු ඔවුන් ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කරන්නෙ ”
ක්‍රීඩකයන් 26 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යොවුන් සංචිතය දින 22ක පුහුණු කදවුරක් සාර්ථකව අවසන් කළේ ජෛව ආරක්ෂක බුබුලක රැදීසිටිමිනි. සංචිතයේ සියලු ක්‍රීඩකයන් ශාරිරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වීමෙන් පසු පුහුණුවීම් ඉදිරියටත් පවත්වාගෙන යාමට සුදුසුකම් ලැබූ බවද අවිශ්ක ප්‍රනාන්දු සදහන් කොට ඇත. දින කිහිපයක විවේකයෙන් අනතුරුව යළිත් පුහුණුවීම් ආරම්භ කරන බව අවිශ්ක ප්‍රනාන්දු සදහන් කොට ඇත.
Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]