Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

PowerPlay කොටස තුළ හොදින් දස්කම් දක්වන කණ්ඩායම ලෝක කුසලානය දිනයිද?

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ක්‍රියාත්මක විය හැකි තීරණාත්මක උපක්‍රම කිහිපයක් පිළිබඳ සළකා බලමු.

මෙම කණ්ඩායම් දෙක powerplay එක තුළ වැඩිම ලකුණු ලබා ගත් කණ්ඩායම් දෙක මෙන්ම ඉතා හොඳින්ම පන්දු යැවූ කණ්ඩායම් දෙකද වේ. ඒ අතරින් ඉන්දියාව ඕස්ට්‍රේලියාවට වඩා ඉදිරියෙන් සිටී. තරගාවලිය ආරම්භයේ පටන් මෙම කණ්ඩායම් දෙක ක්‍රීඩා කළ තරග සළකා බැලුවහොත් මුල් පන්දුවාර දහය තුළ ඕස්ට්‍රේලියාව එක් පන්දුවාරයකට ලකුණු 6.55ක් ලබා ගනිද්දී ඉන්දියාව ලකුණු 6.87ක් ලබා ගෙන ඇත. එසේම පන්දු යැවීමේ දී ඕස්ට්‍රේලියාව එක් පන්දුවාරයකදී ප්‍රතිවාදී පිළට ලකුණු 4.75ක් ලබා දෙද්දී, ඉන්දියාව ලබා දී ඇත්තේ ලකුණු 4.34ක් පමණි.

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් දවා ගැනීමේ වගකීම ෂාමිට බාර දීම.

මොහොමඩ් ෂාමිගෙන් පන්දු යැවීම ආරම්භ කිරීම. අහමඩාබාද් හි නව පන්දුවේ කුඩා දෝලනයක් ඇති විය හැකි බැවින් ෂාමිට ඕස්ට්‍රේලියානු වමත් ආරම්භක පිතිකරු යුගලය දවා ගැනීමේ හැකියාව වැඩිය. එසේම මෙම තරගාවලිය තුළදී ෂාමි, වමත්කරුවන්ට එරෙහිව පන්දු 52ක් යවා, ලකුණු 32කට කඩුළු 8ක් දවාගෙන තිබේ. එමනිසා ට්‍රැවිස් හෙඩ්ගේ පිට ඉන්නෙන් පිටත දුර්වල ස්ථානයට පන්දුව යොමුකර දවා ගැනීමට ඔහුට හැකිය. එසේම around the wicket ආකාරයට පන්දු යවා බුම්රාට එරෙහිව පන්දු 130කදී ලකුණු 117ක් ලබා සිටින ඩේවිඩ් වෝර්නර්ව මෙල්ල කිරීමේ හැකියාව ද ඔහු සතුය.

ඕස්ට්‍රේලියාවට නව පන්දුව පාලනය කරගත හැකිද?

ඕස්ට්‍රේලියානු පන්දුයවන්නන් මුල් පන්දුවාර වලදී ප්‍රතිවාදී පිළට අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා දුන්න ද, ඔවුන්ට අවශ්‍ය පරිදි කඩුලු ලබා ගැනීමට නොහැකි විය. පැහැදිලි ලෙස කිවහොත් ඔවුන් මෙම තරගාවලියේ දී නව පන්දුව දෝලනය වූ අවස්ථාවන් යටතේ ක්‍රීඩා කර නොමැති තරම් ය. නමුත් එම තත්වය වෙනස් වූ විට ඔවුන් අවසන් පූර්ව තරගයේ දී දකුණු අප්‍රිකාවේ කඩුලු 4ක් ලකුණු 23කට බිඳ හෙළීමට සමත් වූහ. කෙසේ නමුත් අහමඩාබද් හි නව පන්දුවේ දෝලනය පිළිබඳව ඔවුන් ඉක්මනින් හඳුනාගත යුතුය. ජොෂ් හේසල්වුඩ් length එක භාවිතා කර පන්දු යැවීමේ ප්‍රවීණයෙකි. නමුත් පන්දුව දෝලනය නොවේ නම් ස්ටාක්ට දැවැන්ත ප්‍රහාරයක් එල්ල විය හැකිය. එසේ වුවහොත් තෙවන පන්දුවාරයේ දීම පන්දුව පැට් කමින්ස්ට බාර දිය යුතුය.

රෝහිත්ට එදිරිව හේසල්වුඩ්

හේසල්වුඩ්ගේ නිවැරදි length එක මුලදී ඉන්දියාවට තර්ජනයක් වනු ඇත. චෙන්නායිහි පැවති තරගයකදී seam එක භාවිතයෙන් පන්දුව දෝලනය කර ලකුණු 3කට ඉන්දියාවේ ඉක්මන් කඩුලු 2ක් දවා ගත්තේය. එමනිසා ඔහු දිගින් දිගටම knee-roll length එකෙහි පන්දු යවනු ඇත. නමුත් ඔහුගේ එක් පන්දුවාරයකට පසු රෝහිත් ෂර්මා තණතීරුවෙහි ඉදිරියට පැන පන්දුවට පහර දෙනු ඇත. ඔහු රෝහිත්ව සීමා ඉරට සීමා කිරීමට උත්සාහ කරනු ඇති අතර රෝහිත් ඔහුගේ length එක අවුල් කිරීමට උත්සාහ කරනු ඇත.

ඉන්දියානු කණ්ඩායම වෙනස් නොවේවි. නමුත් ලැබුශේන් වෙනුවට ස්ටොයිනිස් පැමිණේවිද?

අවසන් තරගයට මොහොමඩ් සීරාජ් වෙනුවට අශ්වින්ව ආදේශ කිරීමට ඉන්දියාවට කුමන බලපෑම් පැමිණියද, මෙම තරගාවලියේ එකදු තරගයක්වත් ක්‍රීඩා කර නොමැති අශ්වින්ව ආදේශ කොට වේගපන්දු යවන්නන් දෙදෙනෙකුගෙන් පමණක් අවසන් තරගය ක්‍රීඩා කිරීමේ අවදානම ඔවුන් ලබා නොගනු ඇත.

මානස් ලැබුශේන් වමත් දඟ පන්දු යවන්නන්ට එරෙහිව ක්‍රීඩා කළ ආකාරය සැළකිල්ලට ගනිමින්, ඕස්ට්‍රේලියානුවන් අවසන් තරගය සඳහා මාක්ස් ස්ටොයිනිස් කැඳවීමට බොහෝ ඉඩකඩ ඇත. ඔවුන්ගේ පිතිකරණ ලැයිස්තුවේ මුල් පෙළ ප්‍රහාරාත්මක පිතිකරුවන්ගෙන් සමන්විත බැවින් පන්දුවාර 15ක් තුළ කඩුළු තුනක් බිඳ වැටීමට ඉඩ ඇත. එම නිසා මැක්ස්වෙල්ට 30වන පන්දුවාරයෙන් පසු පන්දුවට පහර දීමට අවස්ථාව සළසා දීම සඳහා ඕස්ට්‍රේලියානුවන්ට ස්ථාවර පිතිකරුවන් දෙදෙනෙකු අවශ්‍ය ය.

ජඩේජා ඉනිමේ මැද පාලනය කරාවිද.

මෙම අදියරේ වාසිය ඉන්දියාව ලබා ගනීවි. බොහෝ කලක සිට ජඩේජා ඕස්ට්‍රේලියානුවන්ට මහත් හිසරදයක් බවට පත් වූ අතර මෙම ලෝක කුසලානයේද එහි වෙනසක් නොවේ. ඔහු මෙම ලෝක කුසලානයේ දී පන්දුවාරයකට ලකුණු 4.25ක සහ දකුණත් පිතිකරුවන්ට පන්දුවාරයකට ලකුණු 4.18ක් පමණක් ලබා දී ඇත. ඕස්ට්‍රේලියාවේ අංක 3 සිට 7 දක්වා සියල්ලන් දකුණත් පිතිකරුවන් ය.

කුල්දීප් යාදෙව් ශේණිගත කිරීම්හි තරමක් පහළට ගොස් ඇත. නමුත් මෙම තරගාවලියේ දී පන්දුවාරයකට 4.32ක economy අගයක් සහ 24.53ක සාමාන්‍ය අගයක් පවත්වාගෙන ඇත. ඕස්ට්‍රේලියානු වමත් ක්‍රීඩකයෙකු powerplay එකෙන් පසුව කඩුල්ලේ රැඳී සිටියහොත් ඔහුව දවා ගැනීමේ ඉන්දියාවේ පළමු අවිය ඔහු වනු ඇත.

ඕස්ට්‍රේලියාව ශ්‍රෙයාස් අයියර් හැර ඉතිරි සියලුම ඉන්දියානු මැද පෙළ ක්‍රීඩකයින් තමන්ගේ ප්‍රධාන දඟ පන්දු යවන්නා වන ඇඩම් සම්පාට එරෙහිව හොඳින් ක්‍රීඩා කරනු ඇති බව බලාපොරොත්තු වනු ඇත. මැක්ස්වෙල් යනු 4.72ක economy අගයක් සහිත ඉන්දියාවට තරමක ආගන්තුක පන්දු යවන්නෙකි. නමුත් ඔහුද ඉන්දියානු දකුණත් පිතිකරුවන්ගේ ප්‍රහාරයට ලක් විය හැක.

පසුගිය ලෝක කුසලාන තුනම ජයග්‍රහණය කර ඇත්තේ හඹා ගිය කණ්ඩායම් විසින් ය. එපමණක් නොව පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් තරග හතරම ජයගෙන ඇත්තේ ද හඹා ගිය කණ්ඩායම් ය. එයින් මෙම තරගයට බලපෑමක් ඇති බව නොකියවේ. නමුත් අවසන් තරගයේ දී පුවරුවේ සටහන්ව ඇති ලකුණු ප්‍රමාණය යනු සාම්ප්‍රදායික අදහසට වඩා වැඩි දෙයක් නොවිය හැකිය.

දැන් මෙම තරගයට බලපාන කරුණු පිළිබඳව ය. මෙවර ලෝක කුසලානයේ දී මෙම ක්‍රීඩාංගනයේ පැවති තරග හතරෙන් තුනක්ම ජයගෙන ඇත්තේ හඹා යාමෙනි. අවසන් IPL තරග දෙකද එසේමය. පින්න නැති විට පවා, මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේ දක්නට ලැබෙන පරිදිම තණතීරුව වේගවත් වී විදුලි ආලෝකය යටතේ පිතිකරණයට උචිත පරිදි සකස් වනු ඇත.

නොවැම්බරයේ අහමඩාබද් හි පැවති තරග දෙක වඩාත් තරගකාරී විය. ඕස්ට්‍රේලියා – එංගලන්ත තරගයත්, ඇෆ්ගනිස්තාන – දකුණු අප්‍රිකා තරගයත් ශීත කාලයේ ආරම්භයේ බලපෑමට කදිම නිදසුන් ය. එමගින් කාසියේ වාසියේ බලපෑම යම් ප්‍රමාණයකින් අවම කරගත හැකිය.

කෙසේ හෝ කාසියේ වාසිය දිනා ගන්නා කණ්ඩායම හඹා යෑමට තීරණය කරනු ඇත. මෙය ඕස්ට්‍රේලියානුවන්ට ලැබෙන හොඳම අවස්ථාව විය යුතුය. සවස් කාලයේ දී පන්දුවට පහර දෙන ඉන්දියානුවන්ගේ වේගය අඩාල කිරීමට එයින් හැකි වනු ඇත. එසේ නොවී නම් ඉන්දියාව තරගයේ වාසිය ලබා ගනු ඇත.

Back To Top