ශ්‍රී ලංකා A කණ්ඩායමේ වගකීම රුමේෂ් රත්නායකට!

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක රුමේෂ් රත්නායක මහතා ශ්‍රී ලංකා A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට පත් කොට ඇත. මෙලෙසින් රුමේෂ් රත්නායක මහතා A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට පත් කොට ඇත්තේ එළඹෙන මසදී පාකිස්තාන A කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත තරගාවලිය වෙනුවෙනි.

පාකිස්තාන A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට තරග 5ක් ඇතුළත්ය. ඊට එක්දින තරග 3ක් හා සිව්දින තරග 2ක් ඇතුළත්ය. රුමේෂ් රත්නායක මහතා මින් පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙසින්ද කටයුතු කළේය. 2017 වසරේ සිට මේ දක්වා ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ දක්ෂතා පුහුණු ඒකකයෙහි වේගපන්දු පුහුණුකරු වශයෙන් කටයුතු කරයි.

එමෙන්ම එළඹෙන ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක රුවන් කල්පගේ මහතා ඕමාන කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙසින් පත් කොට ඇත. ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන කල්පගේ මහතා එළඹෙන ඔක්තෝබර් මස 3වනදා ඕමානය බලා පිටත්ව යාමට නියමිතය.

ඕමානය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය දරනුයේ දුලීප් මෙන්ඩිස් මහතාය. 2019 වසරේ පැවති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේදීද ඕමාන කණ්ඩායමේ පුහුණු කර්‍යමණ්ඩලයට කල්පගේ මහතා ඇතුළත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එළඹෙන ඔක්තෝබර් 7 හා 9 පැවැත්වෙන තරග වෙනුවෙන්ද ඕමාන කණ්ඩායමට රුවන් කල්පගේ මහතාගේ දායකත්වය හිමිවනු ඇත

Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top