ලෝක කුසලානය ජයගැනීමට ශ්‍රී ලංකාව පෙනතෙක් මානයක නෑ – Wisden

[vc_row][vc_column][vc_column_text]එක් එක් කණ්ඩායම සතු ක්‍රීඩකයන් හා මෑත කාලීන දක්ෂතා පදනම් කරගනිමින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමට එක් එක් කණ්ඩායමට ඇති හැකියාව පිළිබදව wisden සගරාව ලිපියක් පළකොට ඇත. ඒ අනුව මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය හිමිකරගැනීමට වැඩි හැකියාවක් ඇති කණ්ඩායම ලෙසින් ඉන්දීය කණ්ඩායම නම් කොට ඇත.

මෙවර ලෝක කුසලානය හිමිකරගැනීමට වැඩි සම්භාවිතාවක් ඇති කණ්ඩායම් අතර දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් එංගලන්තයට හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමි වී ඇත. එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශූරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අත්තේ ඉතා අඩු සම්භාවිතාවක් බවද Wisden වෙබ් අඩවිය පළ කළ එම ලිපියෙහි සදහන්ය.

එම ලැයිස්තුවෙහි ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තයටත් වඩා එක් ස්ථානයක් පහලින් රැදීසිටියි. ඒ අනුව හත්වන විස්සයි විස්ස ලෝක ශූරතාවය හිමිකරගැනීමට එක් එක් කණ්ඩායමට ඇති සම්භාවිතාව පෙලගැස්සූ විට ශ්‍රී ලංකා කණ්ඩායම එහි 11වැන්නා බවට පත්ව ඇත. එම ලිපියෙහි වැඩිදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබදව සටහනක් තබා ඇත.

” මෙය මෑත කාලීනව තරග වදින දුර්වලතම ශ්‍රී ලංකා සංචිතයයි. ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි කණ්ඩායම් 12ට සුදුසුකම් ලැබීමට අසමත් වුවද එය පුදුමයක් නෙවෙයි. වනිදු හසරංග ඔවුන්ට සිටින විශිෂ්ට තරුවක්. නමුත් සංචිතය තුළ ඔහු තනිවෙනවා. ඉන්දියාව සමගින් තරගාවලිය ජයග්‍රහණය කිරීමට හැකිවුණේ බුවනේෂ්වර් හා කුල්දීප්ට හය,හත ස්ථාන වල පන්දුවට පහරදීමට සිදුවූ නිසයි. එම තරගාවලිය පසෙක තැබූ විට පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාව විස්සයි විස්ස තරගාවලියක් ජයග්‍රහණය කිරීමට සමත් වෙලා නෑ”

ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමට පවතින සම්භාවිතාව අනුව කණ්ඩායම් පෙළගැස්ම

ඉන්දියාව
එංගලන්තය
බටහිර ඉන්දීය කොදෙව්
ඕස්ට්‍රේලියාව
පාකිස්තානය
නවසීලන්තය
බංගලාදේශය
දකුණු අප්‍රිකාව
ඇෆ්ගනිස්තානය
නෙදර්ලන්තය
ශ්‍රී ලංකාව
ස්කොට්ලන්තය
අයර්ලන්තය
ඕමානය
නැමීබියාව
පැපුවා නිව්ගිනියාව[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top