මේ දිනවල ක්රියාත්මක අන්තර්සමාජ තුන්දින තරගාවලියේ දී SSC ක්රීඩා සමාජය යම් පසුබෑමකට ලක්ව සිටින ආකාරය පසුගිය තරග කිහිපය තුළ දැකගත හැකි විය.
මේ තත්වයෙන් කණ්ඩායම මුදවාගැනීම වෙනුවෙන් ILT20 තරගාවලිය වෙනුවන් එක්ව සිටි ක්රීඩකයන් වන චරිත් අසලංක, අවිශ්ක ප්රනාන්දු සහ දසුන් ශානක එම ලීගයේ කොන්ත්රාත්තුව අතහැර යළි මෙරටට පැමිණ ඇත.
SSC කණ්ඩායම මේ වන විට ලීග් ප්රසාද ලකුණු සටහනේ පහළම ස්ථානයේ පසුවන අතර ඔවුන් ඉතිරි තරගවල ජයග්රහණ තහවුරු කර නොගතහොත් පළමු කොටසෙන් ඉවත් වීමේ අවදානමකට මුහුණ දී සිටියි.
මෙම ක්රීඩකයින් තිදෙනා අද දිනයේදී ශ්රී ලංකාවට පැමිණි අතර හෙට දිනයේදී ආරම්භ වන තරගයේදී පිටියට පිවිසීමට නියමිතය.