චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තවත් ජයක් වාර්තා කරයි

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් එක් තරගයක් මීට සුලු මොහොතකට පෙර නිමාවට පත්වූයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට තවත් ජයක් හිමිකරදෙමිනි. තරගයේ කාසිය වාසිය හිමිකරගත් කොල්කටා නයිට්රයිඩර්ස් නායක ඉයන් මෝගන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. අද දිනයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඩ්වේන් බ්‍රාවෝ වෙනුවට සෑම් කරන් තරගයට කැදවා තිබුණි.

පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසෙන කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 6ක් දැවී ලකුණු 171ක් රැස්කිරීමට සමත් විය. ඉනීමේ ආරම්භය එතරම් අසාර්ථක නොවූයේ සුබ්මන් ගිල් ලකුණු 9කදී දුවද්දී දැවීයාමට හසුවීම හේතුවෙනි. වෙන්කටේෂ් අයියර් අද දිනයේදී ලකුණු 18කට දැවි යද්දී නායක ඉයන් මෝගන් ලකුණු 8කට දවාගැනීමට හැස්ල්වුඩ් සමත් විය. නයිට්රයිඩර්ස් ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට අද දිනයේද පත් වූ රාහුල් ත්‍රිපාති පන්දු 33කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 45ක් රැස්කිරීමට සමත් විය.

නයිට්රයිඩර්ස් ඉනීමට ඇන්ඩ්‍ර රසෙල් ලකුණු 20ක් එක් කරද්දී පන්දු 11ක් තුළ වේගවත් ලකුණු 26ක් එක් කරන්නට දිනේෂ් කාර්තික්‍ට හැකිවිය. නිතිෂ් රනා පන්දු 27කදී නොදැවුනු ලකුණු 37කින් නයිට්රයිඩර්ස් ඉනීම ශක්තිමත් කළේය. පන්දු යැවීමේදී චෙන්නායි පිළ වෙනුවෙන් ජෝස් හැස්ල්වුඩ් හා ශර්දුල් තාකූර් අතරෙහි කඩුලු 2 බැගින් බෙදී ගියේය.

ඉලක්කය හබායාමට පිටියට පිවිසි චෙන්නායි පිළ පළමු කඩුල්ලට ලකුණු 73ක් රැස්කිරීමට සමත් විය. ගයික්වාඩ් ලකුණු 40ක් හා ඩුප්ලේසිස් ලකුණු 43ක් රැස්කළ අතර මොයීන් අලී ලකුණු 32ක් රැස්කිරීමට සමත් විය. අවසන් පන්දුවාර 4 තුළදී චෙන්නායි කණ්ඩායම ලකුණු 40ක් රැස්කළ යුතු විය. වරුන් චක්‍රවර්තී යොමුකළ 18වන පන්දුවාරයේ පළමු පන්දුවේදී සුරේෂ් රයිනා දුවද්දී දැවීගිය අතර තෙවන පන්දුවේදී නායක දෝනි එක් ලකුණකට දවාගැනීමට වරුන්ට හැකිවිය.

නමුත් 19වන පන්දුවාරයේදී හයේ හා හතරේ පහර 2 බැගින් එල්ල කරමින් ලකුණු 22 රැස්කිරීමට රවීන්ද්‍ර ජඩේජා සමත් විය. ඒ අනුව අවසන් පන්දුවාරයේදී ලකුණු 4ක් ලබාගත යුතු විය. සුනිල් නරායන් යොමුකළ එම පන්දුවාරයේ පළමු පන්දුවේම සැම් කරන් දැවීගියේය. පස්වන පන්දුවේදී නැවතත් ජඩේජා දැවීයන්නේ ලකුණු තත්වය සමව තිබියදිය. අවසන් මොහොතේ දීපක් චහර් එක් ලකුණක් ලබාගනිමින් තරගයේ ජය චෙන්නායි පිළට අත්කරදීමට සමත් විය. ඒත් සමගින් චෙන්නායි පිළ යළිත් පෙරමුණට පැමිණීමට සමත් විය.

කොල්කටා නයිට්රයිඩර්ස් : 171-6 (20.0)
රාහුල් ත්‍රිපාති 45(33) නිතිෂ් රනා* 37(27), දිනේෂ් කාර්තික් 26(11)
ශර්දුල් තාකූර් 2/20, ජෝස් හැස්ල්වුඩ් 2/40

චෙන්නායි සුපර් කිංග්ස් : 172-8 (20.0)
ෆැෆ් ඩුප්ලේසිස් 43(30), රුටුරාජ් ගයික්වාඩ් 40(28), මොයීන් අලි 32(28)
සුනිල් නරායන් 4/41, වරුන් චක්‍රවර්තී 1/22

Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top