[vc_row][vc_column][vc_column_text]මූලික වටයේ උද්වේගකර තරඟ විසි හතරකින් පසු ප්රසාද ලකුණු සටහනේ එක සහ දෙක ස්ථානවල රැඳී සිටි මරතා ඇරබියන්ස් සහක්වැල්නඩර්ස් පිල අතර අද දින පළමු අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමේ ( Qualifier 01 ) තරඟය පැවත්වුනි.
කාසියේ වාසිය දිනූ මරතා ඇරබියන්ස් පිලේ නායක ඩැරන් සමී කාසියේ වාසිය දිනා ප්රථමයෙන් පන්දුවට පහර දීමට නොපැකිලෙමින්තෝරාගත්තේ සිය පිතිකරණ බලඇණිය පිලිබඳ දැඩි විශ්වාසයක් තබමිනි.
එම විශ්වාසයට සාධාරණය නැවතත් ඉටු කල මරාතා ඇරබියන්ස් පිතිකරුවන් කඩුලු 6ක් දැවී ලකුණු 119ක් රැස් කලේය.
තරඟාවලිය පුරාම පන්දුයවන්නන්ට දැඩි හිසරදයක් වූ ක්රිස් ලයින් නැවතත් ක්රියාත්මක වෙමින් සුපුරුදු හයේ පහර වර්ෂාවජ් සමඟ පන්දු30කදී ලකුණු 67ක් රැස් කලේ තරඟාවලියේ හොඳම පිතිකරුවා තමන් බව පසක් කරමිනි.
දසුන් ශානක පන්දු 17කදී ලකුණු 14ක් රැස් කලේය.
ඉලක්කය හඹා ගිය ක්වැල්නඩර්ස් පිල තියුණු සටනක් ලබා දුන්නද ජයග්රහණයට එය ප්රමාණවත් නොවීය.
එකම සාර්ථක පිතිකරුවා වූ ලේරිස් ඔවන්ස් වේගවත් ලකුණු 35ක් රැස් කලේය.
කඩුලු දවාගැනීමට අපොහොසත් වූවත් තරඟාවලිය පුරා හොඳින් පන්දු යැවූ ලසිත් මාලිංග මෙම තරඟයේ සිය පන්දු12කදී ලකුණු 15ක්පමණක් ලබා දෙමින් ජයග්රහණයට සිය දායකත්වය ලබා දුන්නේය.
පිට පිටම තෙවන වතාවටත් තරඟයේ වීරයා සම්මානය ක්රිස් ලයන්ට හිමි විය.
ක්වැල්නඩර්ස් පිලට තවදුරටත් අවසාන මහා තරඟයට සුදුසුකම් ලැබීමට ඉඩ ඇති අතර Qualifier 2 තරඟයෙන් ජයග්රහණය කිරීමඅනිවාර්යයෙ වේ.[/vc_column_text][/vc_column][/vc_row]