Tag: Cricket

අවිශ්ක හා පැතුම් ශතක වාර්තා කරද්දී දසුන්ගේ පිත්තෙන් වේගවත් ඉනීමක්

අන්තර් සමාජ එක්දින තරගාවලියේ තවත් තරග 6ක් අද දිනයේදී පැවැත්විණි. මෙම තරග වලට අද දිනයේදී ද වර්ෂාවෙන් බාධා එල්ල වූ නමුත් තරග 4ක්ම ප්‍රතිඵල සහිතව අවසන් විය. අද දිනයේදී පැවැති තරගවලින් වැඩිම ස්ව්අවදානයක් යොමු වූ තරගය බවට පත් වූයේ SSC කණ්ඩායම හා NCC කණ්ඩායම අතර තරගයයි. මෙම තරගයේදී SSC කණ්ඩායම පන්දුවාර 45කදී ලකුණු 337ක් රැස්කළේ […]

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සතුවූ වසර 25ක් ඉපැරැණි ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් බිදවැටෙයි

කාන්තා ටෙස්ට් ක්‍රිකට් වංශකතාවේ වැඩිම ලකුණු පරතරයකින් තරගයක් ජයග්‍රහණය කළ කණ්ඩායම බවට පත් වන්නට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද දිනයේදී සමත් වුණා. ඒ එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගය ලකුණු 347කින් ජයග්‍රහණය කරමින්. මෙම තරගයේ පළමු ඉනීම වෙනුවෙන් ඉන්දීය ක්‍රීඩිකාවන් රැස්කළ ලකුණු 428ට පිළිතුරු ලෙස එංගලන්තය පළමු ඉනීමේදී රැස්කළේ ලකුණු 136ක් පමණි. ඉන්දීය කණ්ඩායම […]

ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයේ වෙනසක් වන ලකුණු

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම් වල නායකත්වයේ වෙනස්කම් සිදුවීමට නියමිත බවට ක්‍රිකට් ආරංචිමාර්ග වාර්තා කොට ඇත. ඒ අනුව ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් සියල්ලෙහිම නායකත්වය හා උපනායකත්වය වෙනස් වීමට නියමිතය. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ධනංජය සිල්වාට හිමි වීමට නියමිත බවට වාර්තා වී ඇත. ටෙස්ට් කණ්ඩායමේ උපනායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිවීමට නියමිතය. ශ්‍රී ලංකා එක්දින […]

බංග්ලාදේශය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආසියානු යොවුන් අවසන් මහා සටනට

ආසියානු ක්‍රිකට් කවුන්සලය මගින් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද දිනයේදී පැවැත්විණි. මෙවර අවසන් පූර්ව වටය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමට සමත්වූයේ පාකිස්ථානය,ඉන්දියාව, බංග්ලාදේශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන කණ්ඩායම් හතරයි. තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය පැවැත්වුණේ පාකිස්ථාන යොවුන් කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යොවුන් […]

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් අටක්

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේ අවසන් ක්‍රීඩකයන් ලැයිස්තුව ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව එළඹෙන 19 වනදා පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියට අදාළ අවසන් ක්‍රීඩකයන් ලැයිස්තුවට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8 දෙනෙකු ඇතුළත් වී ඇත. අවසන් ක්‍රීඩකයන් 333 දෙනා අතරට ඇතුළත් ක්‍රීඩකයන් අතරට මින් පෙර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි නියෝජනය කළ වනිදු හසරංග, දුෂ්මන්ත චමීර […]

ශ්‍රී ලංකා යෞවනයන්ට අවමන් සහගත පරාජයක් උරුම වෙයි

ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහල තරඟාවලියේ B කාණ්ඩයේ තවත් එක් තරඟයක් අද දිනයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර පැවති මෙම තරගය ඩුබායි හී පිහිටි icc academy ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරඟේ කාසිය වාසය දිනූ එක්සත් අරාබි එමීර් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළහ එය ආරාධනයෙන් පිළියට පිවිසෙන ශ්‍රී ලංකා වයස […]

අවසන් මහා ගැටුම වෙනුවෙන් SSC හා පොලිස් ක්‍රීඩකයන් දිවයිනට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ තුන්දින තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 7වනදා පපැවැත්වීමට නියමිතය. කොළඹ NCC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගය වෙනුවෙන් මෙවර සුදුසුකම් ලබාගැනීමට සමත් වූයේ SSC ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජයයි. තරගාවලියේ අවසන් මහා තරගයට සහභාගි වීම සදහා මේ වන විට T10 තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් […]

IPL ක්‍රීඩක වෙන්දේසියට වනිදු, ඇන්ජි, ඩිල්ෂාන් ඇතුලු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක්

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ක්‍රීඩකයන් 1166ක් ලියාපදිංචි වී ඇති බව මාධ්‍ය වාර්තා සදහන් කොට ඇත. ඊට ඉන්දීය ක්‍රීඩකයන් 830ක් හා විදෙස් ක්‍රීඩකයන් 336ක් ඇතුළත්ය. මිචෙල් ස්ටාක්, පැට් කමින්ස්, රචින් රවීන්ද්‍ර, ට්‍රැවිස් හෙඩ්, ඩැරල් මිචෙල් වැනි ප්‍රභලයන් රැසක් ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ලියාපදිංචි වී ඇත. IPL ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් මස 19 වනදා ඩුබායිහිදී […]

ඉන්දීය පුහුණුකරු ධූරය තවදුරටත් රාහුල් ඩ්‍රාවිඩ්ට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රාහුල් ඩ්‍රාවිඩ්ගේ ධුර කාලය දීර්ඝ කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කොට ඇත. ඩ්‍රාවිඩ් ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වසර දෙකක් සේවය කළ අතර එම ගිවිසුම් කාල සීමාව එක්දින ලෝක කුසලානයත් සමඟ අවසන් විය. හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ් 2021 T20 ලෝක කුසලානයෙන් පසුව ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු […]

පාකිස්තානය ආසියානු ක්‍රිකට් කවුන්සලයෙන් අමතර වන්දි මුදලක් ඉල්ලයි

අගෝස්තු-සැප්තැම්බර් මාසවලදී පැවති ආසියානු කුසලානය අතරතුරදී පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සංවිධානය කිරීමට සිදුවීම හමුවේ ආසියානු ක්‍රිකට් කවුන්සලයෙන් අමතර වන්දියක් ඉල්ලා සිටීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය කටයුතු කොට ඇත. තරඟාවලියේ සත්කාරක ගාස්තුව ඩොලර් 250,000 ක් පමණ වන අතර ප්‍රවේශපත්‍ර සහ අනුග්‍රාහක ගාස්තු වලින්ද පාකිස්තාන ක්‍රිකට් ආයතනය වෙත මුදල් හිමි විය. නමුත් ඔවුන් අමතර වන්දි […]

Back To Top