Tag: Cricket

White Board එක පසුපස තිබූ සැලසුම පිළිබඳව ඇෆ්ගනිස්තාන පුහුණුකරුගෙන් හෙළිදරව්වක්

ඇෆ්ගනිස්ථානයේ ඉවසිලිවන්ත හඹායාම වයිට් බෝඩ් එකක ලියා තිබූ සරල සැලැස්ම අනුගමනය කරන ආකාරය ඊයේ තරගය නැරඹූ ඔබට දැකගන්නට හැකිවිය. රූපවාහිනී කැමරා මගින් පන්දුවට පහර දීමේ සැලැස්මක් වයිට් බෝඩ් එකක ලියා තිබෙනු පෙන්වූ අතර එහි එක් එක් පන්දුවාර 10 සඳහා ඉලක්කගත ලකුණු සංඛ්‍යාවක් සටහන් කොට තිබුණි. වඩාත් සංකීර්ණ උපක්‍රම නොවුනත් එම ක්‍රමය පිළිබඳව පුහුණුකරු ජොනැතන් ට්‍රෝට් […]

සිම්බාබ්වේ සතුවූ පරාජයන්ගේ වාර්තාව ශ්‍රී ලංකාව ඉදිරියේ ලියවෙයි.

එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසය තුළ වැඩිම පරාජයන් ලද කණ්ඩායම බවට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේ දී පත් විය. ඒ ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තරගයද පරාජයට පත් වීමත් සමගිනි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ඉතිහාසය පුරාවට තරග 43ක් පරාජයට පත් වී ඇත. මින් පෙර වැඩිම පරාජයන් ලද කණ්ඩායම බවට පත් වූයේ සිම්බාබ්වේ කණ්ඩායමයි. ඔවුන් […]

පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා ලෙසින් කටයුතු කළ පාකිස්තාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉන්සමාම් උල් හක් එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඉන්දියාවේදී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියේදී පකිස්ථාන කණ්ඩායම බලාපොරොත්තු වූ දස්කම් නොදැක්වීම හමුවේ ඉන්සිගේ මෙම ඉල්ලා අස්වීම සිදු විය. ඉන්සමාම් සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානී සකා අෂ්රෆ් වෙත සඳුදා (ඔක්තෝබර් 30) […]

ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ සොඳුරුතම තරග දිරිගන්වන්නාගේ දිවිසැරිය නිමවෙයි!

ලොව පුරා වෙසෙන ක්‍රිකට් ලෝලීන්ගේ ජනාදරයට පත් පර්සි Uncle නාමයෙන් හදුන්වන පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඔහු ශ්‍රී ලංකාවේ සිට ප්‍රමුඛතම ක්‍රිකට් තරග දිනවන්නා ලෙසින් හැඳින්විය හැකි ක්‍රිකට් වලට දැඩි ඇල්මක් දැක්වූ පුද්ගලයෙකි. මිය යන විට 87 හැවිරිදි වියෙහි පසුවූ පර්සි අබේසේකර මහතා කලක සිට අසනීප තත්වයෙන් පසුවිය. සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය […]

අපි 2015 ඉදන් ක්‍රීඩකයෝ හදලා නෑ – මුත්තයියා මුරලිදරන්

ICC ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට අනෙක් කණ්ඩායම් වලට සාපේක්ෂව ඉන්දියාවට වැඩි අවස්ථාවක් තිබෙන බව ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ප්‍රකාශ කළ අතර ටෙස්ට්, විස්සයි විස්ස සහ එක්දින යන ක්‍රීඩාවේ ආකෘති තුනම අනාගතයේදී පැවතිය යුතු බවද ඔහු සදහන් කොට ඇත. ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය පැවැත්වෙන පූනේහිදී මාධ්‍ය වෙත අදහස් […]

වර්ල්ඩ්කප් එක ඉවර වෙද්දි 100 ඒවා දෙකක් තුනක් ගහන්න තමයි උත්සහ කරන්නෙ – පැතුම් නිස්සංක

මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලිය තුළ පිට පිට අර්ධ ශතක හතරක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත් විය. එමෙන්ම 2017 වසරෙන් පසුව එක්දින ලකුණු 1000 සම්පූර්ණ කළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත් වන්නටද පැතුම්ට හැකිවිය. Ceylon Sports වෙතට අදහස් දක්වමින් පැතුම් නිස්සංක පළකළ අදහස් මේ. ඇත්තටම මගේ දක්ෂතා ගැන ලොකු සතුටක් […]

2025 ශූරයන්ගේ කුසලානයට සුදුසුකම් ලැබීම මෙවර ලෝක කුසලානය මත තීරණය වෙයි

2023 ලෝක කුසලානයේ ලීග් අදියර අවසානයේ හොඳම කණ්ඩායම් හත සහ සත්කාරක පාකිස්තානය 2025 ICC ශූරයන් ගේ කුසලානයට තරඟ වදින බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් තහවුරු කොට ඇත. කණ්ඩායම් අටක් සහභාගි වන මෙම ඉසව්ව අවසන් වරට 2017 වසරේදී පැවැත්විණි. එවර ශූරයන් ලෙසින් කිරුලු දැරුවේ පාකිස්තාන කණ්ඩායමයි.2025 චැම්පියන්ස් කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ ක්‍රමය 2021 දී ICC මණ්ඩලය […]

ලහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා සංචිතයට

පුහුණුවීම් අතරතුර ආබාධයට ලක්වූ වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර ලෝක කුසලාන සංචිතයට එක් කොට ඇත. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාරීත්වය විසින් ලෝක කුසලාන තාක්ෂණික කමිටුවෙන් ඒ සදහා අවසර ඉල්ලීමක් කළ අතර ICC තාක්ෂණ කමිටුව එය අනුමත කොට ඇත. පූනේහිදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැත්වෙන තරගය වෙනුවෙන් පුහුණුවීම් සිදුකරමින් සිටියදී ලහිරු කුමාර ආබාධයට ලක් […]

පරාජයේ වේදනාව මැකීයන්නටත් පෙර පාකිස්තානයට දඩයක් නියම වෙයි

2023 ICC ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේදී මන්දගාමී පන්දුවාර වේගයක් පවත්වා ගැනීම හේතුවෙන් පාකිස්තානයට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් සියයට 20 ක දඩයක් නියම කර තිබේ. ඊයේ දිනයේදී තරග තීරක ලෙස කටයුතු කළ රිචී රිචඩ්සන් විසින් තීරණය කළේ පාකිස්තාය නිමමිත පන්දුවාර වේගයට වඩා පන්දුවාර 4ක් පසුපසින් සිටින බවයී. ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන […]

බංග්ලාදේශ-ශ්‍රී ලංකා නැගී එන ටෙස්ට් ගැටුම ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි.

ශ්‍රී ලංකා නැගි එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර පළමු නිල නොවන ටෙස්ට් තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය සිය පළමු ඉනීමට කඩුලු 9ක් දැවී ලකුණු 501ක් රැස්කොට සිටියදී ඉනීම අත්හිටුවීමට තීරණය කළහ. එහිදී අනිච් මොල්ලා ලකුණු 147ක්, ශහදත් හුසේන් ලකුණු 93ක්, […]

Back To Top