Tag: Slider

මීටර 50 නිදහස් ආර පිහිනුම් වලින් වාර්තාවක්

තත්පර 20 කට අඩු කාලයකින් මීටර 50 නිදහස් ආර පිහිනුම් ඉසව්ව නිම කළ ලොව පළමු ක්‍රීඩයා බවට පත් වීමට කේමන් දූපත් හි ‍ජෝඩ්න් කෘක්ස් සමත් වුණා. ඒ, හංරේරියාවේ බප්ටිස්ට් හි පැවැත්වෙන ලෝක ශූරතා කෙටි දුර පිහිනුම් තරගාවලියේදී. මෙම ලෝක ශූරතා තරගාවලිය පැවැත්වෙන්නේ, මීටර 25 කින් දුරින් යුත් පිහිනුම් තටාකයකදී. ‍ජෝඩ්න් කෘක්ස්, මීටර 50 නිදහස් ආර […]

මහනුවර පිල ශ්‍රී ලයන්ස් කණ්ඩායම දණ ගස්වයි

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ, ශ්‍රී ලයන්ස් කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර තරගයෙන් ජය හිමි කර ගැනීමට මහනුවර කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ, මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගනයේදී. තරගයේ පළමු අර්ධය නිමා වන විට මහනුවර කණ්ඩායම ලකුණු 27 ක් රැස් කර ගෙන සිටියා. ශ්‍රී ලයන්ස් කණ්ඩායම, රැස් කර ගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 14 ක්. දෙවැනි අර්ධයේදී, මහනුවර […]

ඔලිම්පික් උළෙල ඉලක්ක කොටගත් ක්‍රීඩා සැලසුම් 2025 ජනවාරියේ සිට

ක්‍රීඩාවෙන් ඉදිරියට යා හැකි ලස්සන රටක් තුළ පොහොසත් රටක් නිර්මාණය කිරීමේ ජාතික මෙහෙවර ආරම්භ කොට ඇති බව නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්න මහතා සදහන් කොට ඇත. ඔහු මේ බව සදහන් කොට ඇත්තේ සිව්වන ජාතික දුනු විදීමේ ශූරතාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමය විසින් සංවිධානය කල මෙම ශූරතාවයලිය කොලොන්නාව උමගුලිය ක්‍රීඩාංගණයේ දින […]

වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලානය බංග්ලාදේශයට

අඛණ්ඩව දෙවැනි වරටත් වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට බංග්ලාදේශය සමත් වුණා. ඒ, අවසන් තරගයේදී, ඉන්දියාව ලකුණු 59 කින් පරාජය කරමින්. ඩුබායි හිදී පැවති අවසන් තරගයේ, පළමුවෙන් පන්දුවට පහර දුන්නේ, බංග්ලාදේශ කණ්ඩායමයි. ඔවුන්, පන්දුවාර 49 යි පන්දුවකදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 198 ක් රැස් කළා. රිසාන් හොසන් ලකුණු […]

බොක්සිං ක්‍රීඩාවෙන් ආසියානු පදක්කමක්

වසර 37 කට පසුව බොක්සිං ක්‍රීඩාවෙන් ආසියානු පදක්කමක් මෙරටට හිමි කර දීමට උමයංග මිහිරාන් සමත් වුණා. ඒ, ආසියානු බොක්සිං සම්මේලනය සංවිධාන කළ එලයිට් බොක්සිං තරගාවලියේදී. තරගාවලිය පැවැත්වුණේ, තායිලන්තයේදී. රටවල් 21 ක තරගකරුවන් තරගාවලියට එක්ව සිටියා. උමයංග මිහිරාන් නියෝජනය කළේ, කිලෝග්රෑම් 51 ක බර පන්තියයි. ඔහු අවසන් පූර්ව තරගයේදී තරග වැදුණේ, උස්බෙකිස්තාන ක්‍රීඩකයෙකු වන අසීල් බෙක් […]

එංගලන්තයට පහසු ජයක්

නවසීලන්තය සමග පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 323කින් ජයගැනීමට එංගලන්තය සමත් වුණා. තරගය පැවැත්වුණේ, නවසීලන්තයේ වෙලින්ටන් හිදී. පළමු ඉනිමට එංගලන්තය ලකුණු 280ක් රැස් කළා. නවසීලන්ත පළමු ඉනිම ලකුණු 125කට සීමා වුණා. එංගලන්තය දෙවැනි ඉනිමට කඩුලු 06ක් දැවී ලකුණු 427ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා. ජෝ රූට් ලකුණු 106යි. ඒ අනුව, තරගය ජයගැනීමට නවසීලන්තයට හිමිවූ […]

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි.

ඊයේ තුන්වැනි දිනය සඳහා තරගය නතර කරන විට දකුණු අප්‍රිකා කණ්ඩායම සිය දෙවැනි ඉනිමට කඩුලු තුනක් දැවී ලකුණු 191 ක් ලබා සිටියා. තරගය පැවැත්වෙන්නේ, පෝට් එලිසබෙත් හිදී. ඊයේ තැන්වැනි දිනයට තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 3 ක් දැවී ලකුණු 242 ක් ලබා සිටියා. නොදැවී පන්දුවට පහර දෙමින් සිටියේ […]

දෙවන ටෙස්ට් තරගයෙන් කැංගරුවන්ට පහසු ජයක්

බෝඩර් ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයෙන් පහසු ජයක් හිමිකරගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද දිනයේදී සමත් වුණා. ඒ ඉන්දීය කණ්ඩායම කඩුලු 10කින් පරාජයට පත් කරමින්. තරගයේ කාසිය වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් ඔවුන්ට සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 180ක් පමණයි. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නිතිෂ් රෙඩ්ඩි […]

පැතුම් ශතකය පෙනි පෙනි දැවී යයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අදයි.ඊයේ දිනට සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව තම පළමු ඉනිමට කකඩුලු තුනක් දැවී ලකුණු 242 ක් ලබා සිටියා.තරගය පැවැත්වෙන්නේ පොට් එලිසබත් හිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව තම පළමු ඉනිමට සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 358 ක් රැස්කළා. ශතක ලාභීන් වන […]

ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් මුල් පුටුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරය නිල වශයෙන් භාරගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ආසියානු ක්‍රිකට් කවුන්සලය සදහන් කොට ඇත්තේ වසර කිහිපයක් ආසියානු ක්‍රිකට් කවුන්සල මූල්‍ය සහ අලෙවි කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඇති ෂම්මි සිල්වා මහතා නව ආසියානු ක්‍රිකට් සභාපතිවරයා ලෙසින් කටයුතු කරනු ඇති බවයි “ආසියානු ක්‍රිකට් කවුන්සිලයට නායකත්වය […]

දෙවන ටෙස්ට් තරගයේ පලමු දිනය සම සම බෙදීයයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද පෝර්ට් එළිසබත් හිදි ආරම්භ වුණා.දිනය නිමාවන විට දකුණු අප්‍රිකාව පළමු ඉනිමට කඩුලු හතක් දැවී ලකුණු 269 ක් ලබා සිටියා. දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් රයන් රිකට්ලන් තම මංගල ටෙස්ට ශතකය මෙහිදී වාර්තා කළා.ඔහු ලකුණු 101 යි.නායක ටෙම්බා බවුමා ලකුණු 78යි. අද පළමු දිනයට තරගය නතර […]

17 පහල ක්‍රිඩකයන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරයි

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම් අතර පැවති පළමු තුන් දින ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. තරගය පැවැත්වුණේ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. තරගයේ පළමු ඉනිමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් කඩුලු 8 ක් දැවී ලකුණු 285 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා. බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 252 යි. අනතුරුව ශ්‍රී ලංකා […]

Back To Top