එංගලන්තය කඩුලු 4ක් අතැතිව ලකුණු 23ක් ඉදිරියෙන්
සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්තය අතර එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී පළමු ඉනිමට පන්දුවට පහර දෙන එංගලන්ත පිල ශ්‍රී ලංකා පිලට වඩා කඩුලු 4ක් අතැතිව ලකුණු 23කින් ඉදිරියෙන් සිටී. දෙවැනි දිනය නිමා වෙද්දී එංගලන්ත පිල කඩුලු 6කට ලකුණු 259ක් ලබා සිටියේ ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේ සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 236ට පිළිතුරු […]
Sri Lanka Tour of England | 1st Test – Day 02
ශ්‍රී ලංකා පළමු ඉනිම 236 න් නවතියි
තම මංගල ටෙස්ට් ඉනිමේදීම අර්ධ ශතකයක්ද සමගින් වාර්තා ගත ඉනිමක් ක්‍රීඩා කිරීමට මිලාන් රත්නායක සමත්වීමත්, ධනංජය ද සිල්වාගේ නායකත්වයේ ඉනිමත් හේතුවෙන් එංගලන්තයට එරෙහිව ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හි අද (21 දා) ඇරැඹි පළමු ටෙස්ට් තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 236 ක් රැස් කර ගැනීමට අවස්ථාව උදාවිය. තරගයේ පළමු දිනට ක්‍රීඩාව නිමා කරන විට තම පළමු ඉනිම […]
Sri Lanka Tour of England | 1st Test – Day 01
Sri Lanka Sports Fiesta 2024 Ends on a High Note
Sri Lanka Sports Fiesta 2024 Ends on a High Note, Setting a New Benchmark in Sri Lankan Sports. The Event powered by Dialog was organized by the Ministries of Sports, Youth Affairs and Tourism The Sri Lanka Sports Fiesta 2024, powered by Dialog Axiata PLC, Sri Lanka’s #1 connectivity provider and the prolific promoter of […]
වසර 2 කට පසු පැතුම් නිස්සංක ටෙස්ට් පිලට
එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ පා දග පන්දු යවන ජෙෆ්රි වැන්ඩර්සිව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. 2022 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේදී පැවැති ටෙස්ට් තරගයට සහභාගිවීමෙන් අනතුරුව නිස්සංකට ටෙස්ට් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිවිය. කෙසේ වෙතත් පිතිකරුවකු […]
හර්ෂිතා – විශ්මි ශ්‍රී ලංකාව දිනවති
හර්ෂිතා සමරවික්‍රම සහ විශ්මි ගුණරත්නගේ කැපී පෙනෙන පිතිහරඹය හේතුවෙන් අයර්ලන්තයට එරෙහිව පැවැති පළමු විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක විශිෂ්ඨ ජයක් වාර්තා කර ගනිමින් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්විය. අයර්ලන්තයේ ඩබ්ලින් නුවරදී පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි පිතිහරඹයක් දියත් කළ හර්ෂිතා සමරවික්‍රම පන්දු 45 කින් ලකුණු 86 ක් රැස් කර […]
ඒස් කැපිටල් එක්දින තරගාවලියේ ශූරයෝ වෙති
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ප්‍රධානතම සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට තනුක දාබරේගේ නායකත්වයෙන් යුතු ඒස් කැපිටල් කණ්ඩායම අද (11 දා) පස්වරුවේදී සමත්වීය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී ප්‍රබල සී.සී.සී. කණ්ඩායමට එරෙහිව 4 ක ජයක් වාර්තා කළ ඒස් කැපිටලන් ක්‍රීඩකයෝ ශූරතා කුසලානට අමතරව මුදලින් ලක්ෂ 30 […]
ශ්‍රී ලංකා පිල ටෙස්ට් තරග 3 කට එංගලන්තයට
එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සදහා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම අගෝස්තු සහ සැප්තැම්බර් මසදී එංගලන්තයේ තරග සංචාරයකට නියැළීමට නියමිතය. අයි.සී.සී. ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය ටෙස්ට් තරග 3 කින් සමන්විත වේ. අගෝස්තු 21 වැනිදා ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සිව්දින පුහුණු තරගයකට සහභාගිවීමට නියමිත අතර එම තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය […]
ශ්‍රී ලංකාව එක්දින තරගාවලියේ පෙරමුණට
ලකුණු 33 ක් ඇතුළත ජෙෆ්රි වැන්ඩර්සි විසින් ඉන්දීය පිතිකරුවන් 6 දෙනෙක් දවා ගැනීමට සමත්වීමත් මැද පෙළ පිතිකරුවන්ගේ ධෛර්යවන්ත පිතිහරඹයක් හේතුවෙන් ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී (අද (04 දා) රාත්‍රියේ පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 32 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. අද ලද ජයග්රහණයෙන් කියැවෙනුයේ ඉදිරි තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත් මෙම තරගාවලියේදී […]
චරිත් අසලංක වරද නිවැරදි කරයි
එක්දින තරගයකදී ලකුණු 231 ක ඉලක්කයක් යනු පහසුම ඉලක්කයක් වුවත්, ප්‍රබල පිතිකරුවන්ගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායමට එරෙහිව කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වීම නිසා තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (02 දා) පැවැති පළමු එක්දින තරගය ලකුණු සම තරගයක් ලෙසින් අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා […]