ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම් අතර පැවති පළමු තුන් දින ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. තරගය පැවැත්වුණේ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. තරගයේ පළමු ඉනිමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් කඩුලු 8 ක් දැවී ලකුණු 285 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා. බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 252 යි. අනතුරුව ශ්‍රී ලංකා […]
ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට, ශ්‍රී ලංකා යුද හමුදාව සමත් වුණා. තරගාවලිය පැවැත්වුණේ, දියගම බේස් බෝල් පිටියේදී. ශ්‍රී ලංකා බේස් බෝල් සංගමය තරගාවලිය සංවිධාන කළේ, ප්‍රථම වරටයි. කණ්ඩායම් 6 ක් ඊට එක් වුණා. අවසන් තරගය පැවැත්වුණේ යුද හමුදා කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම අතරයි. එහිදී ලකුණු 18 ට 8 ක් ලෙස […]
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශ්‍රී ලංකා තේරීම් කමිටු සාමාජික දිල්රුවන් පෙරේරා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කොට ඇත. ඒ පුහුණුකරුවෙකු ලෙසින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වීමේ බලාපොරොත්තුව සහිතවයි. උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුත් වත්මන් පස් දෙනෙකුගෙන් යුත් තේරීම් කමිටුවේ සාමාජිකයෙකු වූ හිටපු දගපන්දු යවන්නා, පුහුණුකරුවෙකු වීමට ඇති ආශාව නිසා එලෙසින් ඉවත් වීමට තීරණය කර ඇත. ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පසු ඩුබායි හි […]
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණදුන් දෙවැනි තරගයෙන් ද ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ, ඇෆ්ගනිස්ථානය ලකුණු 131කින් පරාජය කරමින්. තරගය පැවැත්වුණේ, සාජා හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම පන්දුවාර 50 ඇතුළත කඩුලු 07ක් දැවී ලකුණු 243ක් රැස් කළා. ආරම්භක පිතිකුරු පුළිඳු පෙරේරා සහ […]
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
සමස්ත ලංකා පාසල් වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය සමත්වුණා. එහි බාලිකා ශූරතාව දිනා ගත්තේ හුංගම විජයබා ජාතික පාසලයි. තරගාවලියේ අවසන් තරග පැවැත්වුනේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදි. වයස අවුරුදු 19 න් පහළ බාලිකා අවසන් තරගයට හුංගම විජයබා ජාතික පාසල සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය සුදුසුකම් ලබා […]
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහල ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සතු වුණා. තරගය පැවැත්වුණේ ගල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක් සීමා කෙරුණේ පන්දු වාර 23කට.ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ 17 න් පහල කණ්ඩාය සියලු ක්‍රීඩකයින් පන්දු වාර […]
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් හයක් හිමි කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද සමත් වුණා. තරගාවලිය පැවැත්වෙන්නේ, දකුණු අප්‍රිකාවේ ජොහැන්නස් බර්ග් හිදී. ශ්‍රී ලංකාව පළමු රන් පදක්කම හිමිකරගත්තේ, පිරිමි කැඩෙට් කණ්ඩායම් ඉසව්වෙන්. කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පී.ජී.එන්. ගුණවර්ධන, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ එස්.කේ. වෙලගෙදර සහ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ […]
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
මෙරට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක අවම ලකුණු සංඛ්‍යාවකට දැවී යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද සිදුවුණා. ඒ, දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 42කට සීමාවීමත් සමගයි.ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී තරගය පැවැත්වෙනවා. අද තරගය ආරම්භ කරන විට දකුණු අප්‍රිකාව පළමු ඉනිමට කඩුලු 04ක් දැවී ලකුණු 80ක් ලබා සිටියා. දකුණු අප්‍රිකා […]
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (28) පෙරවරුවේ සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ නිරීක්ෂණයකට එක් වෙමිණි. මේ සදහා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර යන මහත්වරුන් ද එක් විය. එහිදී අදහස් දැක් වූ තරුණ කටයුතු හා […]
ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම පිට පිට දෙවන ජයත් ලබයි
2024 දෘශ්‍යාබාධිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දෙවන ජයග්‍රහණයත් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී සමත් වුණා. ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරාජයට පත් කරමින්. පාකිස්තානයේ ලාහෝර්හි දී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර විස්ස තුළ කඩුලු 8ක් දැවී ලකුණු 120ක් රැස්කළා. ශ්‍රී ලංකාව වෙනුවෙන් දිමුත් සදරුවන් කඩුලු 2 ද දිනේෂ්, චන්දන සහ […]
19න් පහළ ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
2024 ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කොට ඇත. විහාස් තෙවිම්කගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 15ක් ඇතුළත්. ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ B කාණ්ඩය යටතේ තරග වදින අතර ප්‍රතිවාදීන් වනුයේ ඇෆ්ගනිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශයයි. ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ ක්‍රීඩා කරන තරග 3 නොවැම්බර් 29, දෙසැම්බර් […]