යොවුන් සංචිතයටත් නේවාසික පුහුණු කඳවුරක්

[vc_row][vc_column][vc_column_text]ඉදිරියේදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන සහ ලෝක කුසලාන තරගාවලි කෙරෙහි අවධානය යොමු කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ සාමාජිකයින් සඳහාද නේවාසික පුහුණු කඳවුරක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ක්‍රීඩකයින් 26 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ පුහුණු සංචිතය දින 22 ක කාලයක් පුරා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පුහුණු කඳවුරට සහභාගිවනු ඇත. මෙම පුහුණු කඳවුර ජෛව පරිසරයක් යටතේ ක්‍රියාත්මක වනු ඇත.

නිපුණතා පුහුණුව, ශාරීරික යෝග්‍යතාවය, තරග අවස්ථා සහ පන්දුවාර 50 කින් සමන්විත පුහුණු එක්දින තරග 3 කින් එම සමන්විත පුහුණු කඳවුර සැප්තැම්බර් මස 09 වැනිදා ආරම්භ වනු ඇත. දිවයින පුරා විසිරී සිටින දක්ෂයින් සොයා යෑම වෙනුවෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ පළාත් ක්‍රිකට් සංගම්වල සහයෝගය ඇතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකරන ලද වැඩසටහනේදී තෝරා ගන්නා ලද ක්‍රීඩකයින් 75 දෙනාගෙන් මෙම ක්‍රීඩකයින් 26 තෝරාගැනීමට පියවර ගෙන තිබේ.

ජාතික කණිෂ්ඨ තේරීම් කමිටුව විසින් සිදුකරන ලද එම තේරීම් වලට පෙර ක්‍රීඩකයින් 75 දෙනාම නේවාසික පුහුණු සටහනක් පල්ලකැලේදී පැවැත්විණ. ඒ අනුව මෙම නේවාසික පුහුණු කඳවුර යොවුන් පුහුණුකරු ලෙස අලුතින් පත්වීම් ලද අවිෂ්ක ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්පැවැත්වේ. මෙම කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස උපුල් චන්දනද, වේග පන්දු පුහුණුකරු ලෙස චමිල ගමගේද, දඟ පන්දු පුහුණුකරු ලෙස සචිත් පතිරණද සහ පිතිකරණ පුහුණුකරු ලෙස ධම්මික සුදර්ශනද කටයුතු කරති.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top