ලෝක කුසලානයට පෙර කාන්තා ක්‍රීඩිකාවන්ට නේවාසික පුහුණුවක්

[vc_row][vc_column][vc_column_text]අනාගත සංචාර සහ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සූදානම් වීම සඳහා ක්‍රීඩිකාවන් 23 න් දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නේවාසික පුහුණු කඳවුරක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය තීරණය කර තිබේ. මෙම පුහුණු කඳවුර සැප්තැම්බර් මස 09 වැනිදා ආරම්භ වනු ඇත.

ජෛව බුබුලු පරිසරයක් යටතේ පැවැත්වෙන මෙම පුහුණු කඳවුර සඳහා ජාතික කණ්ඩායමේ මෙන්ම නැගී එන කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ඇතුළත්ව සිටිති. මෙම පුහුණු කඳවුර කාන්තා ක්‍රීඩිකාවන් සඳහා උසස් කාර්යය සාධන මධ්‍යස්ථානය පිහිටුවා තිබෙන පී. සරා පිටියේදී පැවැත්වෙනු ඇත. මෙහිදී කුසලතා වර්ධනය, ශරීර සුවතා පුහුණුව, ක්‍රීඩා අධ්‍යාපනය සහ අභ්‍යන්තර කණ්ඩායම් යන පුහුණුවීම් වලින් සමන්විත වේ.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කරන ලද මෙම සංචිතය කාන්තා ක්‍රිකට් පුහුණුකරු හෂාන් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ඔහුට අමතරව වේග පන්දු පුහුණුකරු ලෙස රවීන්ද්‍ර පුෂ්පකුමාර, පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ලංකා ද සිල්වා, දඟ පන්දු පුහුණුකරු ලෙස දිනුක් හෙට්ටිආරච්චි යන මහත්වරුන් කටයුතු කරති.

ජෛව බුබුලු පරිසරයක් යටතේ පැවැත්වෙන මෙම පුහුණු කඳවුර සඳහා ජාතික කණ්ඩායමේ මෙන්ම නැගී එන කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ඇතුළත්ව සිටිති. මෙම පුහුණු කඳවුර කාන්තා ක්‍රීඩිකාවන් සඳහා උසස් කාර්යය සාධන මධ්‍යස්ථානය පිහිටුවා තිබෙන පී. සරා පිටියේදී පැවැත්වෙනු ඇත. මෙහිදී කුසලතා වර්ධනය, ශරීර සුවතා පුහුණුව, ක්‍රීඩා අධ්‍යාපනය සහ අභ්‍යන්තර කණ්ඩායම් යන පුහුණුවීම් වලින් සමන්විත වේ.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කරන ලද මෙම සංචිතය කාන්තා ක්‍රිකට් පුහුණුකරු හෂාන් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ඔහුට අමතරව වේග පන්දු පුහුණුකරු ලෙස රවීන්ද්‍ර පුෂ්පකුමාර, පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ලංකා ද සිල්වා, දඟ පන්දු පුහුණුකරු ලෙස දිනුක් හෙට්ටිආරච්චි යන මහත්වරුන් කටයුතු කරති.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top