[vc_row][vc_column][vc_column_text]ලෝක ටෙස්ට් ශූරතා තරගමාලවේ තරග 2ක් වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙරට සංචාරය කිරීමට නියමිතය. ඒ අනුව එම තරගාවලිය එළඹෙන නොවැම්බර් මසදී පැවැත්වීමට සැලසුම් කොට ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විදායක නිළධාරී ඈෂ්ලි සිල්වා මහතා සදහන් කළේ ලෝක කුසලාන තරගාවලිය නිමාවට පත්වීමෙන් අනතුරුව මෙම ටෙස්ට් තරග 2ක පැවැත්වෙන බවයි
තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය එළඹෙන නොවැම්බර් මස 21වනදා ආරම්භ වීමට සැලසුම් කොට ඇති අතර තරග ද්විත්වයම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියෙන් අනතුරුව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර පැවැත්වෙන අතර එය දෙසැම්බර් මස 4 සිට 23දක්වා පැවැත්වේ.
දැනට සීමිත පන්දුවාර තරග රටාවට ඇතුළත් නොවන දිමුත් කරුණාරත්න, ලහිරු තිරිමාන්න, සුරංග ලක්මාල් හා ඇන්ජිලෝ මැතිවුස් යන ජේෂ්ඨයන් කොදෙව් තරගාවලියට එක්වනු ඇතැයි වාර්තා වෙයි. ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම පහත කණ්ඩායම් සමගින් තරග වදිනු ඇත.
බටහිර ඉන්දීය කොදෙව් (H)
ඉන්දියාව (A)
ඕස්ට්‍රේලියාව (H)
පාකිස්තානය (H)
නවසීලන්තය (A)
බංග්ලාදේශය (A)
Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]