අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල නිලධාරීන් අතර හමුවක් අද දිනයේදී පැවැත්වුණා. එම හමුවට අභිනවයෙන් පත්වූ ජාත්‍යන්තර ක්‍රිකට් දූෂණ විරෝධී ඒකකයේ සභාපති සුමති ධර්මවර්ධන මහතා ද සහභාගි වුණා.
පසුගිය වසර 7ක පමණ කාලය තුළ ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණයට එරෙහිව අත්කොටගෙන ඇති ප්‍රගතිය, මෙම හමුවට සහභාගි වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මානව සම්පත් අංශයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල්ගෙ ඇගයීමට ලක් වුණා.