Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

අන්තර් සමාජ රග්බි පිටිය නොවැම්බර් අග සිට සක්‍රීය වෙයි

අන්තර් සමාජ රග්බි තරගාවලිය නොවැම්බර් මස අග දී ආරම්භ වීමට නියමිතය. මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 9ක් සහභාගි වීමට නියමිතය. මෙවර තරගාවලිය වෙනුවෙන් පළමු වරට ශ්‍රී ලයන්ස් කණ්ඩායමද තරග වැදීමට සූදානමින් පසුවෙයි.

ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජ කණ්ඩායමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් Dr. ශෙමාල් ප්‍රනාන්දු අවසර ලබාදී ඇති නමුත් පසුගිය දා ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති රැස්වීමකදී ක්‍රීඩා සමාජ කිහිපයක් ඊට විරෝධය පළකොට ඇත.

මෙම නව ක්‍රීඩා සමාජයට හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිපදෙනෙකු මෙන්ම පාසල් රග්බි ලීගයේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ද එක් කොට ගෙන ඇත. නව ක්‍රීඩා සමාජ කණ්ඩායම් නායකත්වය කෙවින් ඩික්සන්ට හිමිවී ඇති අතර රජීව් පෙරේරා එහි ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරයි. කොළඹ ආනන්ද විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණය මීළඟ තරගවාරය වෙනුවෙන් ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයේ නිවහන බවට පත් වනු ඇත.

Back To Top