Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

අපි මේ පාර එන්නෙ මේ ක්‍රිකට් එක හදලා අලුත් බ්‍රෑන්ඩ් එකක් හදන්න – අර්ජුන රණතුංග

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව අද දිනයේදී පත් කළ අතර එහි සභාපති ධූරය අර්ජුන රණතුංග මහතාට හිමිවිය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අර්ජුන රණතුංග මහතා සදහන් කොට ඇත්තේ වැඩි වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අවදානය යොමු කරන බවයි.

ක්‍රීඩා ඇමතිතුමා සෑහෙන කාලයක් මේක දිහා බලන් ඉඳලා තමයි මේක පත් කරලා තියෙන්නෙ. මටත් වගකීමක් බාරදීලා තියෙනවා. වැඩි ප්‍රමණයක් මගේ අවදානය යොමු වෙන්නෙ ක්‍රිකට් පැත්තට. පරිපාලනය පැත්තට තව කණ්ඩායමක් ඉන්නවා. ඒ හරහා අපිට අවශ්‍ය වෙන්නෙ ක්‍රිකට් ගොඩගන්න. ඉතින් ඒ සදහා පුලුවන් සහයෝගය අපි ලබලා දෙනවා.

අපි මේ පාර එන්නෙ මේ ක්‍රිකට් එක හදලා අලුත් බ්‍රෑන්ඩ් එකක් හදන්න. අපේ රටේ ප්‍රේක්ෂකයන්ට ක්‍රිකට් එපා කරවපු ක්‍රමවේදයක් ඇති වුණා. කණ්ඩායම සහ ක්‍රිකට් ආයතනය රටේ හැමෝම ආදරය කරන තැනක් බවට පත් කරන ගමන්ම රටට ආදරය කරන ක්‍රීඩකයො ටිකක් හදාගන්න එක තමයි මගෙ ලොකුම බලාපොරොත්තුව.

මට තියෙන ලොකුම දේ අපි කොහොමද ශූරයන්ගේ කුසලානයට ඇතුල් වෙන්නේ. ඒක තමයි අපේ ඊළඟ පරමාර්ථය. මොකද අපි කණ්ඩායම් අටෙන් පහළට ගියොත් අපිට ඒක අහිමි වෙනවා.අපේ ක්‍රීඩකයෝ දක්ෂයි. ඉතින් අපි මේ ටික හදාගන්න ඕනි. අපිට ක්‍රිකට් ටික හදාගන්න ඕනි. පාසල් ක්‍රිකට් හදන්න ඕනි. ක්‍රීඩා සමාජ වල ක්‍රිකට් වැටිලා තියෙනවා. මම මේ ටීම් එකත් එක්ක රටේ ක්‍රිකට් හදනවා.

Back To Top